IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ශ්‍රී ලංකාවේ සංහිඳියා වැඩපිළිවෙළ ඕස්ට්‍රේලියා අගමැතිගේ පැසසුමට

(ඡායාරූප - ගයාන් අමරසේකර)

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ ශ‍්‍රී ලංකාව ගෙනයන සංහිඳියා වැඩපිළිවෙළ ඔස්ට්‍රේලියා අග‍්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා‍ගේ මහත් පැසසුමට ලක්විය.

නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඔස්ට්‍රේලියා අග‍්‍රාමාත්‍යවරයා අද (2) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමුවූ අතර එහිදී මේ බව ප්‍රකාශ කෙරිණි.

මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඕස්ට්‍රේලියා අගමැතිවරයා අතර අද පෙරවරුවේ වෙළඳ හා ආයෝජන ගිවිසුමක් ද අත්සන් කෙරිණි.

මිනිස් ජාවාරම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් වලට එරෙහිව ශ‍්‍රී ලංකාව ගෙන යන ක‍්‍රියාමාර්ග ද මෙහිදී ඔස්ට්‍රේලියා අග‍්‍රාමාත්‍යවරයාගේ පැසසුමට ලක්විය.

ශ‍්‍රී ලංකාවේ වෙරළාරක්ෂක කටයුතු සඳහා ඔස්ට්‍රේලියාවෙන් ලැබෙන සහයෝගය පිළිබඳව ද ජනපති සිය ස්තූතිය ටර්න්බුල් මහතාට පළ කළේය.

නුදුරු අනාගතයේ ශ‍්‍රී ලංකාවේ වෙරළාරක්ෂක කටයුතු වෙනුවෙන් Stabicraft වර්ගයේ මුර යාත‍්‍රා තුනක් ශ‍්‍රී ලංකාවට පරිත්‍යාග කිරීමට ඔස්ට්‍රේලියාව සූදානමින් සිටින බවත් ඉතා වේගයෙන් ගමන් කළ හැකි එම මුර යාත‍්‍රා ශ‍්‍රී ලංකාවේ වෙරළාරක්ෂක කටයුතු වලට ඉමහත් පිටිවහලක් සපයනු ඇති බවත්  ඔස්ට්‍රේලියා අග‍්‍රාමාත්‍යවරයා දන්වා සිටියේය.

දෙරටේ අග‍්‍රාමාත්‍යවරුන් අතර අද පෙරවරුවේ අත්සන් තැබුණු  වෙළෙඳ හා ආයෝජන ගිවිසුම් තුළින් දෙරටේ ද්වීපාර්ශ්වික ආර්ථික හා වෙළෙඳ සබඳතා තව දුරටත් ශක්තිමත් වනු ඇති බවද ජනපති මෙහිදී ප්‍රකාශ කළේය.

 



අදහස් (0)

ශ්‍රී ලංකාවේ සංහිඳියා වැඩපිළිවෙළ ඕස්ට්‍රේලියා අගමැතිගේ පැසසුමට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 100 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site