IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


ශ්‍රී ලංකන් අතිරේක සේවකයෝ ඉවතට

වියදම් අඩු කිරීමේ අරමුණින් ‘ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්’ සමාගමේ අතිරේක සේවකයන් ඉවත් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ. 

ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදයක් ඔස්සේ එම අතිරේක සේවක පිරිස ඉවත් කිරීමට ආණ්ඩුව තීරණය කර තිබෙන අතර රජයේ එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට සමාගමේ කාර්යසාධක බළකායක් පත් කිරීමට ද නියමිතව ඇත.

ජාතික ගුවන් සේවය වන ‘ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්’ සමාගමේ මූල්‍ය තත්ත්වය සලකා බැලීම සඳහා පත්කළ කමිටුවක් විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කරනු ලැබ තිබේ. සමාගමේ අතිරේක සේවක සංඛ්‍යාව 2,000කට ආසන්න බවත් ඔවුන් අතරින් 1,000කට ආසන්න සංඛ්‍යාවක් අවුරුදු 50ත් 55ත් අතර වයස්වල පසුවන බවත් පැවසේ. 

ඉකුත් මාර්තු 31 වැනිදා වනවිට ‘ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්’ සමාගමේ පාඩුව එක්සත් ජනපද ඩොලර් මිලියන 107ක් බව පැවැසිණි. 

සමාගමේ මූල්‍ය තත්ත්වය විමසා බැලීම සඳහා පත් කරන ලද කමිටුව ඉහත යෝජනාව ඉදිරිපත් කර තිබෙන අතර ඔවුන්ගේ එම යෝජනාව ද ඇතුළත් වාර්තාව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට බාර දී ඇත. 

ගුවන් සමාගමේ පාඩුව ඉදිරියේදී අවම කරගනු ඇතැයි අපේක්ෂා කරන බව සඳහන් කර තිබෙන එම කමිටුව සමාගමේ ශේෂපත්‍රවලින් හැකි ඉක්මනින් ‘උරුම ණය’ ඉවත් කළ යුතු බව ද නිර්දේශ කර තිබේ. එසේ නොමැතිවුවහොත් ණය සඳහා ගෙවීමට ඇති පොලී මුදල් ද සමාගමේ සම්පූර්ණ ණයට එකතුවනු ඇතැයි ද කමිටුව පෙන්වා දී තිබේ.

ඇණවුම් කරන ලද 350 එන්.ඊ.ඕ (නියෝ) 300 ගුවන් යානා හතර නැවත බාරදීම සඳහා ‘එයාර්බස්’ සමාගම සමඟ සාකච්ඡා කර ඇති බවත් අදාළ ගුවන් යානා වෙනුවට ‘එන්.ඊ.ඕ (නියෝ) 320’ ගුවන් යානා 8ක් ලබාදීමට ‘එයාර්බස්’ සමාගම එකඟතාව පළ කර ඇති බවත් කමිටුව අමාත්‍යවරයාට දුන් වාර්තාවේ සඳහන්ව ඇත. අදාළ බාරදීම් 2023 වසරේදී අවසන් වනු ඇතැයි පැවසේ. 

එම ලබන මූල්‍ය වසරේදී සමාගමේ වියදම සියයට 15කින් අඩු කරන්නැයි ද එම කමිටුව නිර්දේශ කර තිබේ. 

 



අදහස් (5)

ශ්‍රී ලංකන් අතිරේක සේවකයෝ ඉවතට

latha Tuesday, 26 June 2018 04:45 AM

එක වැඩක් කරන්න පස් දෙනෙක් ඉන්නවා.......... හතර දෙනෙක් නිකන් .ඔකද ඵලදායිතාවය කියන්නේ ? පිස්සු ලංකාවේ අයට ..............ඕක පෞද්ගලික ආයතනයකට දෙන්න

:       3       206

Nana Tuesday, 26 June 2018 05:27 AM

හැම අණ්ඩුවක්ම මෙහෙම කරනවා. ඊට පස්සේ අයෙත් අලුතින් ගන්නවා. අයෙත් යවනවා. කලින් යන කට්ටියට වන්දිත් අරගෙන තව ජොබ් එකක් කරන්නත් පුළුවන්. ඊට වැඩිය හොඳ නැත්ද වෙන එයාර් ලයින් එකකට අනුයුක්ත කරානම් ?

:       3       102

samTuesday, 26 June 2018 07:25 AM

nana, ඔබේ කියමන හරියට හරි . මේ ලියන මම 1986 දී වයස විසි හතරේදී රාජ්‍ය සේවයේ ස්වයං විශ්‍රාම ගැනීමේ චක්‍රලේඛනයක් අනුව වන්දි ලබා විශ්‍රාම ගියා. ඊට පසුව රාජ්‍ය අනුබද්ධිත සමාගමක සේවය කරනකොටත් වන්දි ලබා විශ්‍රාම යාමට අවස්තාව ලැබුනත් මට ඊට පෙර ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙන්න සිදු උන නිසා දෙවෙනි වර විශ්‍රාම යාම අත හැර දාන්න උනා .

:       0       32

banda Tuesday, 26 June 2018 08:29 AM

ගුවන් තොටුපොළේ රට ඉදල එන කාන්තාවන්ට බැල්මදාගෙන ඉන්න සිකුරිටි කාරයෝ ටික ඉස්සරවෙලාම එලවන්න ඕන ...

:       0       11

rocky Wednesday, 27 June 2018 01:36 PM

සත පහක වන්දියක් දෙන්න එපා. දේශපාලකයන්ගේ පිහිටෙන් ඕකට රිංගල පින් පඩි ගත්තු අයට.... පුළුවන් නම් ඔවුන්ගෙන් ගානක් ආපහු අය කර ගන්න කටයුතු කිරීම සුදුසුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 489 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 468 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site