( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ලංකාවට මුදල් එවීමේදී බදු හෝ ගාස්තු කිසිවක් අය නොකළ යුතු බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර ඇත.
ජාතික ආර්ථීක සභාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් ව තිබෙන අතර එහිදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කරනු ලැබි ඇත
මංගල සමරවීර, මහින්ද සමරසිංහ, අර්ජුණ රණතුංග, රංජිත් සියඹලාපිටිය, කබීර් හෂීම් යන අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා හා එම සභාවේ අදාළ නිළධාරීන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
එහිදී භාණ්ඩ හා සේවා සැපයීමේදී ඇතැම් වෙළඳුන් අසීමිත ලාභයක් ඉපැයීම හේතුවෙන් සිදුවන අහිතකර බලපෑමෙන් පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සැකසීම පිළිබඳව අවධානය යොමුව තිබේ.
ශ්‍රි ලංකාවේ විදේශ සංචිත වර්ධනය කරගැනීම සඳහා අපනයන ප්‍රවර්ධනය කිරීම සහ ආනයන කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් බදු ප්‍රතිපත්තියේ සිදුකළ යුතු සංශෝදන පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.
එමෙන්ම අපනයන ප්‍රවර්ධනය සදහා වැඩි සහන ලබාදීමට හා දිරි ගන්වන බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද සාකච්ඡා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ලංකාවට මුදල් එවීමේදී බදු හෝ ගාස්තු වශයෙන් කිසිදු මුදලක් අයකිරීමකින් තොරව එම මුදල් සම්ප්‍රේෂණය කිරීමට අවස්ථාව සැලසීමට එහිදී ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබේ.
COMMENTS
මෙහෙම කිව්වට දැනට වෙන්නෙම හුරගෙන කෑම නේද. විදේශ සේවා එකට ගෙවන මුදලට, අපිට ලැබෙන සෙතේ මොකක්‌ද ? අඩුම තරමේ පිටරටකදී සදාකාලික ආබාධිත වෙන කෙනෙකුට , මැරුණු කෙනෙකුට හරි වන්දියක් දෙනවද ? ගුවන් තොටුපලේදී මුදල් නොගෙවපු උදවිය අල්ලගන්න නම් කට්ටිය ඉන්නවා. කවුරුහරි අහිංසකයෙකුට ගෙවා ගන්න බැරිවෙලා තිබුනොත් එයාට යන්න දෙන්නේ නැහැ. එකෙන් ඒ මනුස්සයා පත්වෙන අසරණභාවය ගැන හිතන්නේ නැහැ. ඒ මනුස්සයට නැවත ගුවන් ප්‍රවේශපත්‍ර මිලදී ගන්න වෙන අවස්ථා තියෙනවා. ඒ වගේම , ඒ මනුස්සයා වෙලාවට රාජකාරියට වාර්තා නොකිරීම හේතුවෙන් රැකියාවෙන් නෙරපන්න පුළුවන්. ජනපතිතුමාට පුළුවන් නම් අඩුම තරමේ ඉහත කරුණු ගැන හිතලා යමක් කරන්න.
ඕව කියන්න ආදායම් බදු කොමසරිස්ටයි එයාගේ ඇමතිටයි. අපි ලංකාවට සල්ලි එවන්නේ කොහොමද ගෙනාපු සල්ලි බැංකුවේ තැන්පත් කරාම ඒ පොලියටත් 5% ගහනවා නම් ඇමති රෑන බදු වලින් නිදහස් කරන්න, අපේ රටට කළු ආර්ථිකයක් හෙවත් black economy එකක් හැදෙන එක නවත්වන්න බැහැ මේ වගේ තැලෙන යකඩේ තලන අය ඉන්නකොට.
ජනාධිපතිතුමනී, මංගල සමරවීරව මුදල් ඇමති ධුරයේ තියාගන මොන සහනයක්වත් ජනතාවට බලාපොරොත්තු වෙන්න බැහැ. කිසිම පදනමක් නොමැතිව මාස දෙකෙන් දෙක මිල සූත්‍ර කියමින් තෙල් මිල වැඩි කරමින්, ජනතාව අමාරුවේ දානවා. මංගල මොන ඇමතිකම දරුවොත් ඔහොම තමයි. විදේශ ඇමති ධූරයේ ඉන්නකොට ඩයස් පෝරාවට කඩේ ගියා.
නැහැ! නැහැ!! නැහැ!!! එහෙම දෙයක් තාම නැහැ ජනාධිපතිතුමනි! මහබැංකුව කොල්ල කෑවා පමණි .
විදේශිකව රැකියා කරන අප සියලු දෙනා වෙනුවෙන් කිය යුතු සියල්ල සෙනරත් කියා ඇත. ස්තුතිය් සෙනරත්...!!!
සදාචාරාත්මකව බැලුවොත් විදේශ ශ්‍රමිකයින් තමයි තීරුබදු රහිත වාහනයකට හිමිකම් කිවහැකි නියම විදේශ විනිමය උපයන්නෝ... ඒ ගැන කවුරුත් කථාකරන්නේ නැහැ. නමුත් කීයක් හරි හොයාගෙන ලංකාවට එවනකොට ඒකට කොටන්න නම් ලැජ්ජා නැතුව නියවගෙන ඉන්නවා....
හැමදාම අපේ ජනපතිතුමා කතා කරනවා කතා කරනවා. ඒත් ඔහු කිසිම නියෝගයක් කළේ නැහැ. මෙහි තේරුම මොකක්ද? අපේ රටට මොකද වුණේ? ඉන්ධන මිල ඉහළ නැංවීම නවතා දැමූ ජනාධිපති නැවතත් එය අනුමත කළේය. මේක විහිළුවක්ද? ඔහු වසර ගණනාවක් කතා කළත් කිසිවක් සිදුවී නැත.
සෙනරත් මහත්තයා... නියමයි ස්තුතියි..
ඇටෙයි පොත්තයි විතරක් තියාගෙන ලංකාවෙන් පිටවෙන උන්ගේ මොනවා හූරන් කන්ඩද?
අද ලංකාවේ දිනකට මාර්ග නීති උල්ලංඝනය කරන පිරිස කොච්චර ඉන්නවද? ටිකට් දෙන්නේ නැති බස් කොච්චර තියනවද? නීති හරියට ක්‍රියාත්මක කරලා දඩ නියමකලානම් මිනිස්සුන්ට මෙච්චර බදුගහන්න අවශ්‍ය නැහැ. මහාමාර්ග හා ප්‍රවාහන අමාත්‍යන්සවලින් ලැබෙන ආදායමෙන් විතරක් රට කරන්න පුළුවන්. එහෙම කලොත් රටත් හැදිලා, නීතිගරුක සමාජයක් බිහි කිරීමට අඩිතාලමත් ඉබේම දැමෙනවා. අදටත් ඩුබායි වල අය කරන එකම බද්ද 5% වැට් එක විතරයි. නමුත් රජයට වැඩි ආදායමක් ලබන්නේ මාර්ග හා ප්‍රවාහන නීති උල්ලංගනය කරන්නන්ගෙන් උපයන දඩ වලින්. අපේ ඇමතිලා ඉන්නේ ඉතින් වරප්‍රසාදගන්න විතරනේ මොලේ පාවිච්චිකරනවා කියනඑක දන්නෙවත් නැතුව ඇති.
අපේ රටේ ජනාධිපති අපට කියනවා විදේශීය ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් හූරා කන්න එපා කියලා . මේවා කාට කියන්නද .....!!!! හැමදාම සල්ලි දැම්මම ඒ රටේ අය කරනවා ගානක් .. මෙහෙන් සල්ලි ගන්නකොටත් ලංකාවෙන් තවත් ගානක් අයකරනවා ඒක දන්නනැති අපේ රටේ ජනාධිපති( මේවා අපි කියන්නේ අපි අත්විදපු නිසා )
මෙහෙම කිව්වට දැනට වෙන්නෙම හූරාගෙන කෑම නේද? විදේශ සේවා එකට ගෙවන මුදලට, අපිට ලැබෙන සෙතේ මොකක්‌ද?
අතිගරු ජනපතිතුමනි ඒ අදහස හොදයි, ඒ වගේම තව හුගක් දේවල් තියෙනවා සොයා බලන්න, තව කී කාලයක් ශ්‍රී ලාංකීය ගැහැණිය අරබින්ගේ වහල්ලු වෙන්නද, ඇගලුම් හල් ඇරලා ඒ අයට ලංකාව තුලදීම රැකියා දුන්නොත් නරකද, මැදපෙරදීග ශ්‍රී ලාංකිය ගැහැණු අපාදුක් විදිනවා අපේ ගැහැණියට මොකක්ද තියෙන අභිමානය, අනික් කාරණය එම්බසි ගැන සොයා බලන්න, ලාංකීය ලකුණ ඒ හරියට තියනවද කියලා , ශ්‍රී ලාංකිය වැදගත් කියන දවස්වත් එම්බස්සියේ සමරන්නේ නැද්ද කියා සොයා බලන්න. පව් අපේ ගැහැණු හරිම අසරනයි.