(ජයන්ත සමරකෝන්)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨයින් ඉවත් කිරීමේ සූක්ෂ්ම වැඩපිළිවෙළක් පක්ෂයේ මහ ලේකම්වරුන් දෙදෙනා විසින් ක්‍රියාත්මක කරගෙන යන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.
පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ගණනාවකගේ සංවිධායක ධුර අහිමි කිරීම තුළින් එම කුමන්ත්‍රණය ක්‍රියාත්මක වන බවද, මෙය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වළ පල්ලට ගෙන යාමේ අවසන් පියවර බවද, බත්තරමුල්ල - නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ අද (21) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා මේ බව අනාවරණය කළේය.
COMMENTS
ඇ ! ඕනෙම ආයතනයක විනයට විරුද්ධව වැඩ කරන අයව එම ආයතනයෙන් පිට කිරීම ජ්‍යෙෂ්ට කනිෂ්ට කියා කොටස් දෙකකට වෙන්කළ නොහැක. එය ලෝක සම්මත වාදයකි. යුධ කටයුතු සම්බන්ද ආයතනයකනම් බරපතලකම අනුව වෙඩි තැබීමේ බට කණ්ඩායමක් ඉදිරියට පවා යොමුකළ හැක. අඟේ සිට කණ කන අයවලුන්ව කිසිම තැනක තබා ගතයුතු නැත.
ඔය කතාව කියන්නේ "පොදුජන පෙරමුණ කාර්යාලයේ" ඉඳගෙන කියන එකෙන්ම තේරෙනවා ඔතන ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කට්ටිය හලන්නේ කිඹුල් කඳුළු කියලා. පොදුජන පෙරමුණේ සාමාජිකත්වය අරගෙන කෙලින්ම කටයුතු කරන්නේ නැතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උදුරා ගැනීමට කුමන්ත්‍රණය කරන එකේ තේරුම පක්ෂ ප්‍රතිපත්ති ආරක්ෂා කරගෙන ඒ අනුව කටයුතු කිරීම නොව ඒක පුද්ගල ප්‍රතිරූපයක් නැවත බලයට ගෙනඒමට බව ඉතාම පැහැදිලියි. පොදු ජන පෙරමුණේ ප්‍රතිපත්ති මොනවාද, සාමාජිකයින් කියක් ඉන්නවාද, නාමිකව කිසිම පෞරුෂත්වයක් හෝ ආකර්ෂණයක් නැති නායකයෙක් කියා කෙනෙක් තියාගෙන වැඩේ දුවන්නේ වෙනත් කෙනෙකුගේ නමින් නේද කියන ප්‍රශ්න වලටත් මේ ගොල්ලෝ හරි පිළිතුරක් දිය යුතුයි. වෙඩි මුර කිය කියා රැස්වීම් තිබ්බට, පෙළපාලි ගියාට "වොයිස් කට්" දුන්නට කයිවාරු ගැහුවට ඒ සියල්ල එක්කෙනෙකුගේ අසාමාන්‍යතාවය මතින් බැබලෙන දේවල් මිස වෙනත් හරි හමන් බලවේගයක් නොවන බව මේ සේරම දන්නවා. ඒකයි මේ සේරම දෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සවිමත් අත්තිවාරම මතින් තමන්ට අවශ්‍ය මාලිගාවක් හදා ගන්නට මේතරම් වලි කන්නේ...
මේ මන්ත්‍රීතුමෝ ඔයා හදිසිවෙන්න එපා. එ්ක එයාලා බලාගනියි අනික ඒක හොඳ පොහොට්ටුවට නේද?