(රංජිත් රාජපක්‍ෂ)
හැටන් සිංගිමලේ දුම්රිය උමග තුළ ඇති වැහිළිහිණි කුඩු කඩා අලෙවි කිරිමට ගිය බව කියන පුද්ගලයකු වැහිළිහිණි කුඩු සමග අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය කියයි.
මෙම දුම්රිය උමං මාර්ගය තුළ වැහිළිහිණි විශාල වශයෙන් කුඩු බැද තිබෙන අතර එම කුඩු වල මැලියම් විශේෂයක් සුප් වර්ගයක් සෑදිමට ගන්නා බව පරීක්ෂණවලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.
කුඩු වල තිබු වැහිළිහිණි බිත්තර සහ පැටවුන් දුම්රිය මාර්ගයට දමා ගොස් තිබූ බවත් තරු පහේ හෝටල්වලට මෙම වැහිළිහිණී කුඩු මැලියම් ඉතා අධික මිලකට අලෙවි කරන බවත් අනාවරණය වූ බව පොලිසිය පවසයි.
මෙම සුප් වර්ගය ඉතා අධික මිලකට අලෙවි වන බවත් මේ සඳහා දෙස් විදෙස් සංචාරකයන්ගෙන් දැඩි ඉල්ලූමක් පවතින බවත් පොලිසිය කියයි.
වනජීවි ආඥා පනත අනුව වැහිළිහිණි කුඩු කැඩීම සපුරා තහනම් කර ඇති බව පරිසරවේදීහු කියති.


COMMENTS
වනජීවි ආඥා පනත අනුව වැහිළිහිණි කුඩු කැඩීම සපුරා තහනම් කර ඇති බව පරිසරවේදීහු කියති ( මෙම කොටසින්ම උපුටා ගන්න ලදී ) එතකොට ගස් කැපිල්ල ? ඒ අයවත් ගමුද අත්අඩංගුවට
අනේ මේ එලියට දාලා තියෙන පැටව් සහ බිත්තර ටික අරගෙන වනජීවී එකටවත් දීල ආරක්ෂා කරලා දෙන්න... ෆොටෝ ටික දැක්කම දුක හිතෙනවා... මේ මනුස්සයන්ගේ සසර ගමන කොහොම වේද කියල හිතාගන්න පුළුවන්
එතකොට මේ වැහිළිහිණී කුඩු මැලියම් බාවිතා කරන තරු පහේ හෝටල්වල අය අත් අඩංගුවට ගන්නේ නැද්ද? මේකත් හරියට හැමවෙලේම මත් කුඩු පාවිච්චි කරන අය අල්ලනවා මිසක්, මත් කුඩු රටට ගෙන්වන අය අල්ලන්නේ නැතුවා වගේ වැඩක්.
අරවින්ද දැන් නම් ඔබ හරියටම හරි ඔබට ස්තුති