ඉන්දිකා රාමනායක
වීසා නොමැතිව ගාලූමුවදොර ප‍්‍රදේශයේ ඉදිකිරීම් වැඩ බිමක සේවය කරමින් සිටි චීන ජාතිකයන් 5 දෙනෙකු සංචාරක පොලිස් කොට්ඨාසය විසින් අද (1) අත්අඩංගුවට ගෙන තිබුණි.
අදාළ ඉදිකිරීම් වැඩබිමේ වීසා නොමැතිව චීන ජාතිකයන් රැදී සිටින බවට ලැබුණු තොරතුරු අනුව පොලිස් සංචාරක පොලිසියේ පොලිස් කණ්ඩායමක් එහි සෝදිසි කිරීමේදී මෙම චීන ජාතිකයන් පස් දෙනා අත්අඩංගුවට ගෙන ගත් බව පොලිසිය කියයි.
සැකකරුවන් සතුව එම අවස්ථාවේ ගමන් බලපත‍්‍ර පවා නොතිබුණු බව පොලිසිය පවසයි.
මෙම පිරිස අතර වසර 9 වැඩි කාලයක් ලංකාවේ රැදී සිටි චීන ජාතිකයන් ද සිටින බව පොලිසිය කියයි.
සංචාරක පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ප‍්‍රභාත් විදානගම මහතාගේ උපදෙස් මත මෙම වැටලීම සිදුකර තිබුණි.
සැකකරුවන් කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීන්නු ආපහු යන ජාතියක් නොමෙයි. ඉදිරිය භයානකයි..........
ලංකාව චීනයේ කොලනියක් කලාට පස්සේ මෙහෙ වැඩට චීන ජාතිකයෝ දහස් ගණනක් ආවා. ඒ අයගෙන් වැඩි දෙනෙක් දැන් ලංකාවේ ඉන්නේ වීසා නැතිවයී. අපේ යටත් විජිතයකට යන්න වීසා මොකටද කියලා හිතනවා ඇති.
ඉතින් මොකද ආවට? එතකොට අපේ අය ඉතාලි, ඔස්ට්‍රේලියා යන්නේ. අනේ මේ ඉන්න ටිකේ කොහේ කොහොම හිටියම මොකද?