ඩබ්ලිව්.ඒ. අසේල
වීසා නොමැතිව මෙරට රැඳී සිටි ඉන්දියන් ජාතිකයෙකු ගලහ පොලිසිය මගින් අද (7) අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔහු මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 21වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත තොට තිබේ.
මෙසේ අත් අඩංගුවට පත්ව ඇත්තේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පදිංචි සුබ්‍රමනියම් රාජා නැමති පුද්ගලයෙකු වන අතර ඔහු ගලහ ප්‍රදේශයේ කාන්තාවක් සමඟ විවාහ වි ඇති බවට පොලිස් පරීක්ෂණ වලදී හෙලිවී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ගලහ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.එම්.ආර්.එස්. කෝනාර මහතාගේ උපදෙස් මත ගලහ් පොලීසියේ නිලධාරි කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලැබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම ලස්සනයි.. ගලහා පොලිසියේ වැඩ ඔය වගේ අසරණ මිනිස්සුන්ගෙන් තමා ඔය නිලදාරීන් රටට සේවය කරන්නේ. පොලිසියට කරන්න තිබුනේ ඔයදේද? දැන් අර අසරණ කාන්තාවට මොකද වෙන්නේ? ඔය ගලහ පොලිසි කී දෙනෙකුගේ ජීවිත විනාශ වෙන ආකාරයේ වැඩකළාද? ඔය ගලහා ප්‍රදේශයේ තියන වෙනත් දූෂණ අල්ලන්න බැහැ. අහිංසක මිනිසුන්ගේ ජීවිත විනාශ කරනවා. මෙවැනි දේවල් නීතියෙන් තහනම් බව මුලුලොවම පිළිගන්නවා. නමුත් විදේශ ජාතිකයෙකුට අපේ රටේ සාධාරණය හරියටම සිදුවෙලාද.? මගේ රට ගැන මට දුකයි. බුදුන්ගේ දේශය කියන මෙ පුංචි රට විනාශ කරන්නේ අපේ ජාතිකයෝ. අන් ජාතින් මේ රටට ආදරෙයි. මගේ ජාතියේ මොලේ නැති, ආනාගතය දකින්න බැරි, රටේ දියුණුව ගැන නොසිතන එවැනි බලධාරීන් පහළ වෙන්නේ රටේ අවාසනාවට. මම විදේශ රටක සිට මෙවැනි පුවත් දකින විට හරිම වෙදනාවක් දැනෙන්නේ. මගේ පොලිස් වසමත් ගලහා බැවින්....