( නිමල කොඩිතුවක්කු)
ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණකරුවන් පිරිසකට විෂ සහිත කිරිපැකට් ලබා දුන්නැයි එල්ලවී ඇති චෝදනාව සම්බන්ධයෙන් මිරිහාන පොලිසියට පැමිණිල්ලක් සිදු කරන බව එජාපයේ මන්ත්‍රීවරු පිරිසක් පවසති.
අද පැවැති මාධ්‍ය හමුවක සහභාගී වෙමින් මන්ත්‍රීවරුන් වන මුජිබර් රහුමාන්,නලීන් බණ්ඩාර සහ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කළ අතර ඔවුහු අද මෙම චෝදනාව සම්බන්ධයෙන් පැමිණිල්ල සිදු කිරීමට නියමිතය.
පසුගිය 05 වැනිදා පැවැති ජන බල පා ගමනට සහභාගී වු පිරිසකට ලැබුණු කිරි පැකට් පානය කිරීමෙන් අනතුරුව කිහිප දෙනකු අසනීප තත්ත්වයෙන් රෝහල් ගත කෙරිණි.
පසුගියදා මෙම සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සහ ඒකාබද්ධයේ මන්ත්‍රීවරු පිරිසක් අතර උණුසුම් තත්ත්වයක් ද ඇති විය.




(ඡායාරූපය- ඡයමාල් චන්ද්‍රසිරි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතරගම යද්දි හම්බන්තොටදී මම කාපු කළුදොදොල් හින්දා මටත් දවස් කීපයක් බඩ ගියා. ඒ ගැන මම සැක කරන්නේ රාජපක්ෂලා...
මේක මේ ගොල්ලොම ගොතාපු බොරුවක්.