(රොමේෂ් මධුෂංඛ)
20 වැනි ව්‍යවස්ථා කෙටුම්පතේ යම් සංශෝධනයක් කරන්නේ නම් පමණක් ඒ පිළිබඳ සලකා බැලිය හැකි බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි.
එහි අවුල් සහගත තත්ත්වයක් ඇති බැවින් මුලදී විරෝධය පෑ බව කී ප්‍රධාන අමාත්‍යවරයා දැන්ම ඒ පිළිබඳ නිශ්චිත තීරණයකට එලඹිය නොහැකි බව ද කීය.
ඒ අනුව 20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අවසාන තීන්දුවක් ලබාදීම ප්‍රතික්ෂේප කෙරුණ අතර නැවත සංශෝධනයක් එවන්නේ නම් සලකා බැලීමට තීරණය කරමින් විවාදය කල් දමන ලදි.
එම සංශෝධනය ඉකුත් 04 වැනි දා ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදි එයට සියලු දෙනා විරුද්ධ වූ අතර අවසන් තීරණය අද (07) ප්‍රකාශ කර උතුරු ආණ්ඩුකාරවරයාට දැනුම් දෙන බවට ප්‍රකාශ කෙරිණ.
COMMENTS