IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


විස්ස නීතියට පටහැනියැයි ගම්මන්පිලගෙන් පෙත්සමක්

( තිළිණි ද සිල්වා )

 

 

ජනතා විමුක්ති පෙරමුණේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙසින් ඉදිරිපත් කර ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නීතීයට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (07) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළේය.

 

එම පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම්කර තිබේ.

එහිදී පෙත්සම්කාර පාර්ලි⁣මේන්තු මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය යනුවෙන් සඳහන් කරමින් ඉකුත් බදදා (05) ජනතා විමුක්ති පෙරමුණ විසින් යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවයි.

 

එම පෞද්ගලික මන්ත්‍රී යෝජනාව මඟින් විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම ඇතුළු කාරණා කිහිපයක් ඇතුළත් කර ඇති බව සඳහන් කරන  ගම්මන්පිල මන්ත්‍රීවරයා ඉන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වැනි හා හතරවැනි වගන්ති සෘජුවම උල්ලංඝණය කරන බව කියා සිටියේය.

මේ හේතුවෙන් අදාළ යෝජනාව පාර්ලිමේන්තුවේ සාමාන්‍ය ඡන්දයකින් සම්මත කළ නොහැකි බවද ගම්මන්පිල මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

මෙම යෝජනාව තුළින් සෘජුවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වීමක් සිදුවන හෙයින් එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන මෙන් ද උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

 



අදහස් (5)

විස්ස නීතියට පටහැනියැයි ගම්මන්පිලගෙන් පෙත්සමක්

rohana Friday, 07 September 2018 09:09 AM

මෙයා කියන කරන දේවල් වැඩිය ගණන් ගන්න හොඳ නැහැ...

:       195       275

BamunuarachchiSunday, 09 September 2018 01:04 AM

ඔබ මෙයාට වැඩිය මේ සම්බන්දව දන්නවාද?

:       0       0

saman Friday, 07 September 2018 09:50 AM

කවර පෙරමුණක සිටියත් ජාතියට ආදරය ඇති මන්ත්‍රීවරු මෙය ප්‍රතික්ෂේප කරනු ඇත.

:       284       222

RNG Friday, 07 September 2018 03:50 PM

ජාතියට ආදරේ නම් ප්‍රතික්ෂේප කළ යුතුව ඇත්තේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ය..

:       1       24

BamunuarachchiSunday, 09 September 2018 01:09 AM

අපේ මිනිස්සු විවේචනය කරන්නේ හෝ කතා කරන්නේ ප්‍රස්තුතය වූ අදාළ විෂය නොවෙයි ඉදිරිපත් කල පුද්ගලයාව.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 31 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site