(විනීතා එම් ගමගේ)

රාජ්‍ය විශ්ව විද්‍යාලයන්හි ඇති විද්‍යා පීඨ 11 ට සිසුන් 20 700 ක් බඳවා ගත හැකි වුවත් 2010 සිට 2015 දක්වා වසර 6 ක කාලය තුළ සෑම වසරකම බඳවා ගෙන ඇත්තේ සිසුන් 15 000 කට ආසන්න සංඛ්‍යාවක් පමණක් බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ වැඩ බලන සභාපති මහාචාර්ය අරුණ කුමාර මහතා ප‍්‍රකාශ කරයි.

මේ අනුව  සෑම වසරකම සිසුන් 5000 කට අධික පිරිසකට අවස්ථා අහිමි වන බව ද හෙතෙම කියයි.

එසේ තිබියදිත් පාසල්වල විද්‍යා විෂය උගන්වන ගුරුවරුන්ගේ බරපතල හිඟයක් පවතින බවත් මේ වනවිට සමහර පාසැල්වල විද්‍යා විෂය ඉගැන්වීමට ගුරුවරුන් නොමැති වීමෙන් විද්‍යා අංශ වසා දැමීමේ තත්ත්වයක් මතු වී තිබෙන බවත් මහාචාර්යවරයා පවසයි.

ඒ මහතා මේ අදහස් පළ කළේ කොළඹ විශ්ව විද්‍යාලයේ පීඨ සමාජ ශාලාවේ අද (15) පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමිනි.