IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


විසඳුම් නොලැබුණොත් අග්නිදිග දෙමාපියනුත් උපවාසයකට සැරසෙති

තරිඳු ජයවර්ධන
 
අග්නිදිග සරසවියේ තාක්ෂණ පීඨයේ සිසුන්ට සිදුවී ඇති අසාධාරණයට කඩිනමින් විසඳුම් නොලැබුණහොත්  කොළඹ නගර ශාලාව අසල ඇති අට්ටාලයෙන් සිසුන් බස්සවා දෙමාපියන් සත්‍යග්‍රහයක් ආරම්භ කරන බව ඔළුවිල් තාක්ෂණ පීඨ ශිෂ්‍ය දෙමාපිය එකමුතුවේ සාමාජික රංජිත් බෝඹුවල මහතා අද(03) පැවසීය.

 
සිසුන්ට දිගින් දිගටම සාධාරණයක් නොවන්නේ නම් මාරාන්තික උපවාසයක් දක්වා සත්‍යග්‍රහය දීර්ඝ කිරීමට ද පසුබට නොවන බව  ඒ මහතා කීවේය.
 
ඔළුවිල් තාක්ෂණ පීඨ ශිෂ්‍ය දෙමාපියන්ගේ එකමුතුවේ සාමාජික රංජිත් බෝඹුවල මහතා මේ බව පැවසුවේ කොළඹ සෞන්ධර්ය විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය සංගම් කාර්යාලයේ අද (03) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
 
අග්නිදිග සරසවියේ තාක්ෂණ පීඨය ආරම්භයේ දී පරිපාලනය සුරංගනා කතා කීවත් අවසානයේ සිසුන්ට අත්වූයේ ඛේදනීය ඉරණමක් බවත්, ආචාර්යවරුන් 12 දෙනකු අවශ්‍ය පීඨයේ සිටින්නේ ආචාර්යවරුන් තිදෙනකු පමණක් බවත් බෝඹුවල මහතා කීවේය.
 
ඒ මහතා මෙසේ ද කීවේය.
 
‘‘අපේ සිසුන්ට හරියට ඉන්න තැනක් නෑ. විශ්ව විද්‍යාලයට පිටින් ගබඩාවක තමයි තාක්ෂණ පීඨය ආරම්භ කළේ. ආරම්භ කළ දා ඉදන් සිසුන්ට ප්‍රශ්න තිබුණා. හරියට විෂය නිර්දේශයක් තිබුණේ නෑ. ආචාර්යවරුන් 12 දෙනකු අවශ්‍ය තැන හිටියේ තුන් දෙනයි. මේ සම්බන්ධයෙන් සිසුන් සාධාරණයක් ඉල්ලුවත් ඉෂ්ඨ වුණේ නෑ. අවසානයේ දරුවන්  විශාල පිරිසකගේ පන්ති තහනම් කළා. ශිෂ්‍ය භාවය අහෝසි කළා. මේ පරිපාලන අර්බුදයේ ප්‍රතිඵලයක් විදියට සිසුන්ට විභාග අහිමිවෙලා තියෙනවා.
 
දැන් සිසුන් කොළඹ ඇවිත් දවස් 16ක් වෙනවා. ඒත් සාධාරණ විසඳුමක් නෑ. අපි මේ ගැන කියන්න ඕනෑ හැමෝටම කිව්වා. බලධාරීන්ගෙන් ඉල්ලන්නේ මේ ගැටලුව ගැන ඒකපාර්ශ්විකව බලන්න එපා කියලයි.‘‘ යැයි ද බෝඹුවල මහතා ප්‍රකාශ කළේය.
 
මෙම මාධ්‍ය හමුවට දෙමාපිය එකමුතුව නියෝජනය කරමින් වයි පී යූ රණසිංහ මහතාත්, ජයන්ති රණසිංහ මහත්මියත්, අග්නදිගි විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ ගිහාන් වීරසේකර සිසුවාත් සහභාගී වූහ.



අදහස් (1)

විසඳුම් නොලැබුණොත් අග්නිදිග දෙමාපියනුත් උපවාසයකට සැරසෙති

tommy Friday, 03 August 2018 01:10 PM

අනේ හොඳයි. මම මගේ ගැනේ අට්ටාලයක් හදලා දෙනවා.

:       14       104

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site