(ඉන්දිකා රාමනායක)
උත්සව සමය ඉලක්ක කරගෙන අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා මුළු දිවයින සියලූ පොලිස්බල ප‍්‍රදේශ ආවරණ වන පරිදි පැය හතරක් පුරා සිදුකළ හදිසි විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 2046 දෙනක් අත්අඩංගුවට ගත් බව පොලිස් මුලස්ථාන කියයි.
ඊයේ (28) රාති‍්‍ර 11.00 සිට අද (29) අලුයම 3.00 දක්වා මෙම මෙහෙයුම සිදුකර තිබු අතර පොලිස් නිලධාරීන් 15139 දෙනෙක් ද, පොලිස් නිල සුනඛයින් 21 දෙනෙක් ද මේ සඳහා සහභාගි කරගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර බීමතින් රියපැදවු පුද්ගලයින් 738 දෙනෙක් ද, සැකපිට අත්අඩංගුවට ගත් පිරිස 735 ක් ද, වරෙන්තුකරුවන් 496 දෙනෙක් ද, අපරාධ සඳහා අවශ්‍ය සැකකරුවන් 77 දෙනෙක් ද, සිටින බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කීය.
මෙම මෙහෙයුමේ දී රථවාහන නඩු 4850 ක් ලබාගෙන ඇති අතර නීති විරෝධී ගිනි අවි තුනක් ද පොලිස් බාරයට ගෙන තිබුණි.
හෙරොයින් ග‍්‍රෑම් 40 මිලි ග‍්‍රෑම් 12 ක්, ගංජා කිලෝ 2 යි ග‍්‍රෑම් 826 ක්, නීති විරෝධී මත්පැන් ලීටර් 34319 යි මිලි ලීටර් 832 ක්, වෙනත් මත්පැන් ලීටර් 15921 ක්, වෙනත් මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 391 ක් ද මෙම මෙහෙයුමේ දී අත්අඩංගුවට ගත් බවද පොලිසිය වැඩිදුරටත් පවසයි.
COMMENTS
වැඩේනම් බොහොම හොඳයි. නමුත් වාහනේට වඩා පුංචි පාරේ ඉරි කැපුවා කියලා රථවාහනවලට කරන චෝදනා නම් හරි වැරැදියි. පැත්තෙන් දාන ත්‍රීවීල් ගැන නම් පොලිසියේ කිසි බලපෑමක් නැත්තේ එයාලට බයටද?
හොරකම් කර අසුවුණු කෙනාව නිදැල්ලේ යන්න හැරලා සැකකරන අය 2046 ක් අල්ලා ගත්ත කියලා පොලිසිය උදම් අනන කොට ඕවා මාධ්‍යයට එවන අයත් ඉන්නවනේ. පහළ ඉන්න අයගේ සොරකම් කිරීමට අපරාධ කිරීමට ඇති බිය, සැක නැති කලේ ඉහළ තලයේ වැජඹුන අයයි. ඔන්න ඔය අසාධාරණය නැති කරන තුරු මෝර ගණයේ හොරුන්ට දඬුවම් කරන තුරු, හාල් මැස්සන් සමග කරන හොරා පොලිස් සෙල්ලම තාවකාලිකව හෝ නතරකර නීතියේ හිඩැස් වසා දමන්න උත්සාහ කරන්න.