IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


විශේෂ කාර්ය බළකායෙන් පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් මැදිරි

(ඉන්දිකා රාමනායක)
 
ජාතික ආරක්ෂාව සහ මහජන සාමය සුක්ෂිත කිරීම  හදහා මුළු දිවයිනම ආවරණය වන පරිදි පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් මැදිරියක්  පොලිස් විශේෂ කාර්ය බලකා  මුලස්ථානයේ  ස්ථාපිත කර ඇති බව විශේෂ කාර්ය බලකාය මුලස්ථානය පවසයි.
 ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් (විශ‍්‍රාමික)  කමල් ගුණරත්න මහතාගේ උපදෙස් මත මෙම මෙහෙයුම් මැදිරිය ස්ථාපිත කර ඇත.

 මෙම විශේෂ මෙහෙයුම් මැදිරිය මගින් දිවයිනපුරා  විශේෂ කාර්ය බලකා කඳවුරු  දැනුවත් කරමින් ජාතික ආරක්ෂාව සහ මහජන සාමය  සුරක්ෂිත කිරීමට  අවශ්‍ය  කටයුතු සිදුකරන බවද  විශේෂ කාර්ය බලකාය  කියයි.
 
පාතාල කල්ලි සාමාජිකයන්,  සංවිධානාත්මක අපරාධ  කණ්ඩායම්,   කප්පම්කරුවන්  , නීති විරෝධී අවි භාවිතා කරන්නන්,  මත්ද්‍රව්‍ය හා මත්පැන් ජාවාරම්කරුවන්, පාරිසරික  වැරදි  සිදුකරන්නන්,  සම්බන්ධයෙන්  මහජනයාට තොරතුරු ලබා දිය හැකි අතර එම ලබාදෙන තොරතුරු  මෙම මෙහෙයුම් මැදිරිය හරහා   අදාල ප‍්‍රදේශ වල  විශේෂ කාර්ය බලකා කදවුරු වෙත ක්ෂණිකවම යොමුකර   විමර්ශනය කර    නීතිය කි‍්‍රයාත්මක කරන බවද විශේෂ කාර්ය බලකාය පවසයි.
 
මෙම මෙහෙයුම් මැදිරිය වෙත තොරතුරු ලබාදෙන  පුද්ගලයන්ගේ අනන්‍යතාව සුරක්ෂිත  කර ආරක්ෂා කරන බවත් ඉහත වැරදි කරන  පුද්ගලයන්  සම්බන්ධයෙන් තොරතුරු  011-280518, 011-2058552, 011-2506588,011-2500471, 011-2589741 යන  දුරකතන අංක වෙත හෝ  011-2588499, 011-2081044 යන ෆැක්ස් අංක වෙත දැනුම් දෙන ලෙසට  විශේෂ කාර්ය බලකාය පවසයි.
 
[email protected]  විද්‍යුත්  ලිපිනයට දැනුම් දෙන ලෙසට  විශේෂ කාර්ය බලකා මුලස්ථානය ඉල්ලා සිටියි.
 
 
 
 



අදහස් (1)

විශේෂ කාර්ය බළකායෙන් පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් මැදිරි

chandima Tuesday, 07 January 2020 01:37 PM

ආරක්ෂක ලේකම්තුමනි, මෙය ඉතාම හොඳ දෙයක්. ඒ සමගම වෙනත් රටවල මා දැක ඇති දෙයක් මෙහි සඳහන් කරමි. එක එක පොලිසියට වාහනයක ඇදගෙන ගොස් තැන තැන නැවැත්විය හැකි සියලු සන්නිවේදන උපකරණ ආදියෙන් සමන්විත මුර මැදිරි කිහිපය බැගින් ලබාදී ඒවා සිය පොලිස් කොට්ඨාෂය තුල දිනපතා රාත්‍රී කාලයේ එකිනෙකට වෙනස් ස්ථානවල නැවත උප පොලිස් මද්‍යස්ථාන නැතිනම් මුර කුටි ලෙස පවත්වාගෙන ය හැකිනම් ඉතා වටින්නේය. ඒ ස්ථානවලට පොලිස් මෝටර් සයිකලයක්ද අනුයුක්ත කිරීමෙන් ඕනෑම වෙලාවක ක්ෂණිකව සොරුන් මත්පැන් ජාවාරම් කරුවන් මෙන්ම රාත්‍රී කාලයේ සැකකටයුතු ලෙස ප්‍රධාන මාර්ග වලින් බැහැර ස්ථාන වල ගැවසෙන්නන් පිළිබඳව පරීක්ෂාවෙන් සිටිය හැක. ජපානයේ නම් එක එක ප්‍රදේශවල පොලිස් නිලධාරීන් සඳහා නැවතීමේ පහසුකම් සලසා නිල නිවාස සපයා එමගින් ග්‍රාම නිලධාරීන් මෙන්ම ඔවුනටද ප්‍රදේශයේ මිනිසුන් සමග ගැවසී අවබෝධයක් ලබාගැනීමටත් එමගින් ජනතාවට ආරක්ෂාව පිළිබඳව විශ්වාසයක් ගොඩනග ගැනීමටත් අවස්ථාව සලසා ඇත. මෙය පැය 24 ක් පුරාවට වැඩකරන සමාජයක් බිහිකිරීමට අත්‍යවශ්‍ය දෙයකි.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site