IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


විශ්වාසභංගය මුල්කරගෙන ඡන්දය කල්දානවා. -එස්. එම්. රංජිත්


(දයාරත්න ඇඹෝගම)

රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවේ ඇතුළත් කරුණු 14ට අමතරව 15 වැනි කරුණ ලෙස දිගින් දිගටම මැතිවරණ  කල් දමමින් ප්‍රජාත්‍රන්තවාදයට පහරක් එල්ල කර තිබීමද ඇතුළත් විය යුතු බව උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය හා  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මිහින්තලේ ආසන සංවිධායක එස්.එම් රංජිත් සමරකෝන් මහතා පැවසීය.

අනුරාධපුර නගරයේ අද (25) පැවති මාධ්‍ය හමුවකදී උතුරුමැද හිටපු ප්‍රධාන අමාත්‍යවරයා මේ බව පැවසිය.
පසුගිය සැප්තැම්බර් 2 වැනි දා විසුරුවන ලද උතුරු මැද සබරගමුව සහ නැගෙනහිර පළාත් සභා තුනේ ඡන්දය නොපැවත්වීමට යහපාලන ආණ්ඩුව නොයෙකුත් ගැටලු ඉදිරිපත් කරමින් සිටිනවා.

ඉදිරියේදි තවත් පළාත් සභා කිහිපයක කාලය අවසන් විමට නියමිතයි. ඒ අනුව උතුරු පළාත් සභාවේ කාලයත් නිම වෙනවා. හැකිනම් උතුරු පළාත් සභාවේත් ඡන්දය මේ ආකාරයට පුළුන්නම් කල්දාන්න කියලා රජයට අභියෝග කරනවා.

මේ යහපාලන ආණ්ඩුව ඒකට බයයි. කාරණය මේ යහපාලන ආණ්ඩුව දෙමළ නායකයන්ට බයයි. දෙමළ නායකයන් ඉදිරියේ මේ අය දණ ගහගෙන වැද වැටි ගෙන ඉන්නවා යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.



අදහස් (4)

විශ්වාසභංගය මුල්කරගෙන ඡන්දය කල්දානවා. -එස්. එම්. රංජිත්

kalpa Sunday, 25 March 2018 09:57 AM

විශ්වාස භංගය ගෙනාව අාණ්ඩු වගේ වෙයිද මැතිතුමා?

:       0       0

Buddika Sunday, 25 March 2018 10:10 AM

කෙනෙක් ගියපු උඩක් කිව්වලු... පල් හොරු සේරම එකයි.

:       132       116

laksman Sunday, 25 March 2018 01:09 PM

අපි හිතාගෙන හිටියේ විශ්වාසභංගය ඉදිරිපත් කළේ ඒකාබද්ධ විපක්ෂය කියලනේ... දැන් බැලුවම ඡන්දය කල්දාන්න එක්සත් ජාතික පක්ෂය කරපු වැඩක්නේ...

:       59       3

SamanSunday, 25 March 2018 04:51 PM

මටත් හිතුනෙ ඕකමයි. මුන්ට බලය නැතිවුනාම මොලය කුරුවල් වෙලා. හොරකම්කරගන්න බැරි නිසා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 382 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2168 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1648 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site