(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරු සියළු දෙනා පක්ෂ වුවත් අගමැතිට එරෙහි විශ්වාසභංගය පරාජ කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අද (30) පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියළුම මන්ත්‍රීවරුන් සහාය දී, හැකිනම් විශ්වාසභංගය ජයග්‍රහණය කර පෙන්වන ලෙස ද නලින් බණ්ඩාර මහතා අභියෝග කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යම් ඇමැතිවරයෙක් හෝ රාජ්‍ය ඇමැතිවරයෙක්, නියෝජ්‍ය ඇමැතිවරයෙක් විශ්වාසභංගයට පක්ෂවුවහොත් විශ්වාසභංගයට පසු දින එනම් අප්‍රේල් 05 වැනිදා ඔවුන්ට අත්වෙන ඉරණමට සුදානම්න් සිටින ලෙසද නලින් බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය දීම එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සියළුම පක්ෂ තීරණය කර ඇති අතර ද්‍රවිඩ ජාතික සන්ධානයද අගමැතිවරයාට සහාය දීමට එකඟතාවය පළ කර ඇතැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
COMMENTS
බය කරලා දින්නන්ද යන්නේ
යුක්තියට හා සාධාරණත්වයට එරෙහි තර්ජනාත්මක ප්‍රකාශයක්.
ඒකියන්නේ මහා බැංකුව ගෙදර ගෙනිච්චත් කමක් නෑ ...
"විශ්වාසභංගයට පක්ෂවුවහොත් විශ්වාසභංගයට පසු දින එනම් අප්‍රේල් 05 වැනිදා ඔවුන්ට අත්වෙන ඉරණමට සුදානම්න් සිටින ලෙසද" යන්න ප්‍රකාශ කර ඇත්තෙත් බොහොම තර්ජනාත්මක ලෙස..?
ජයවේවා පොල්පොට් පාලනයකින් මුදාගත් රට නැවත පොල්පොට්ලාට දෙන්න එපා ..
මෙන්න තරු 5හෙ ප්‍රජාතන්ත්‍රවාදය
1977 කිව්වා වගේ පොලිසියට සුමානයක් නිවාඩු දෙන්නත් ලෑස්තිද දන්නේ නැහැ. එහෙමත් නැත්නම් 87-89 වගේද මේ තැනැත්තා හිතන්නේ. ජනාධිපතිතුමා සහ අගමැතිතුමා මේ යහපාලන ප්‍රකාශය ගැන මොකද කියන්නේ.
හෘද සාක්ෂියක් තියෙන කෙනෙක් නම් ඒ මංකොල්ලය සාධාරණීකරණය කරන්නෙ නෑ. රහස් ඡන්දයක් තිබ්බොත් ඕකෙන් බේරෙන්නෙත් නෑ.
හොරුන්ට එරෙහිව හොරු! ඇර සොයිසා ඇරු! වැඩේ මරු! එ්ත් විශ්වාස භංගේ දිනනු බොරු!!
තවත් උදාර කොල්ලෙක්..
අමල්... "උදාර කොල්ලෙක්" නොවෙයි... "උදර කොල්ලෙක් "
ඉරණම තීන්දු කරන්නේ ජනතාව ඔබේ ඉරණම තිබෙන්නේත් අපේ අතේ...
හොරුන්ගේ තාත්තා වෙන්න ඇති තර්ජනය කරන්න.
මේ මහත්මයා තවම ජීවත් වෙන්නේ හැත්තෑව, අසූව දශකයේ වගෙයි. සියළු බඩගෝස්තරවාදී දේශපාලක හොරුනි... ඔබලා ඉදිරි දශකය තුළ මේ රටින් වඳවී යනවා නොඅනුමානයි. ඒ නිසා දැන්වත් තාර්කික බුද්ධියට ඉඩදී, මනා සංයමයකින් යුතුව කටයුතු කරන්න.
චන්දා, ඔබ හරි
මේ සම්මුති ආණ්ඩු ගේම ඉවත් කර පසුගිය ආණ්ඩුවේත්, මේ ආණ්ඩුවේත් ඉන්න රටේ ධනය හොරකම් කළ සියලු පාදඩ දේශපාලකයන්ට උපරිම දඬුවම් ලබා දෙන්න.
මෙහිදී නලින් බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ විශ්වාස භංගයෙන් රනිල් මහතා දිනුවොත්, විරුද්ධව ඡන්දය දුන් අයට ආණ්ඩුවේ වරප්‍රසාද අහිමි වෙනවා කියන එකයි. තර්ජනයක් නොවෙයි.
රනිල් පැරදිලා සජිත් අගමැති වුනොත්, ඔහෙට වෙන්නෙත් ඒ ටිකමයි.
විශ්වාසභංගයට විපක්ෂ වුවහොත් ඔබලාට අත්වෙන ඉරණමට සුදානම් වෙන්න.
මේ විශ්වාස භංගේ ගෙනෙන මිනිස්සු ඊට පස්සේ කරන්නේ මොනවද කියලා නිකමටවත් කියනවද? නිකම් ජනතාව රවටනවා මිසක් ඔවුන්ටත් ඇති කිසිම දැක්මක් නැහැ. එකම අරමුණ ආණ්ඩුව අස්ථාවර කරලා ජිල්මාට් දාලා ඔවුන්ට එරෙහිව ඇති චෝදනා, නඩු, වලින් නිදහස් වීමයි. අගමැති වරයා මේකෙන් පරදින්නේත් නැහැ. ඔය වෙට්ටු දාන ලොක්කන්ගෙන් සමහර අයට දඬුවම් වරදින්නෙත් නෑනේ!