( සිතුම් චතුරංග)
වවුනියාව , නෙදුන්කර්ණි , පට්ටිකුඩිරිප්පු හි නිවසක් අසළ ළිඳක තිබී මියගිය වයස අවුරුදු තුනක හා දෙකක කුඩා ළමුන් දෙදෙනකුගේ සිරුරු අද (29) දහවල් සොයාගත් බව නෙදුන්කර්ණි පොලිසිය කියයි.
කුඩා දරුවන් දෙදෙනා මියගිය පසු මවද ළිඳට පැන සියදිවි නසාගැනීමට උත්සහ දරා ඇති අතර ප්‍රදේශවාසීන් විසින් ඇය බේරාගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.
එළෙස ජීවිතක්ෂයටපත්ව ඇත්තේ නෙදුන්කර්ණි , පට්ටිකුඩිරිප්පු පදිංචි උදයකුමාර් චන්දුෂා නැමති වයස අවුරුදු හතරක ගැහැණු දරුවකු හා උදයකුමාර් පවිත්‍රන් නැමති වයස අවුරුදු දෙකක පිරිමි දරුවෙකි.
දරුවන් දෙදෙනාගේ මව වන උර්වසි උදයකුමාර් නැමති කාන්තාව ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන නෙදුන්කර්ණි ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කර ඇති බවද පොලිසිය පැවසීය.
ළිඳ අසලින් ගමන්ගත් කාන්තාවක් ළිඳතුළ කිසියම් ශබ්දයක් ඇති බලන අවස්ථාවේ කාන්තාව දැක ඇති අතර පසුව ඇය විසින් ප්‍රදේශවාසින් වෙත දන්වා තිබේ.
පොලිසිය පැවසූයේ කාන්තාවගේ සැමියා මීට දින කිහිපයකට ඉහතදී යතුරු පැදි අනතුරකින් ජීවිතක්ෂයටපත්ව ඇති අතර එම මරණය හේතුවෙන් ඇතිවූ කම්පනය හේතුවෙන් කාන්තාව තම දරුවන් දෙදෙනා ළිඳට දමා තමන්ද සියදිවි නසාගැනීමට උත්සහ කර ඇති බවයි.
ප්‍රදේශවාසීන් විසින් බේරාගත් දරුවන්ගේ මව මේ වන විට යහපත් සෞඛ්‍ය තත්වයකින් සිටින බවද පොලිසිය සඳහන් කළේය.



2025 දෙසැම්බර් මස 04
677
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වව්නියාවේ ළිඳකින් දරුවන් දෙදෙනකුගේ මළ සිරුරු හමුවෙයි