IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


වවුනියාවේ බස් වර්ජනය අවසන්

(සිතුම් චතුරංග)
 
වවුනියාව නව බස්නැවතුම්පළේ කොටසක් වෙන් කොට ලංගම බස්රථ සඳහා ලබාදෙන බවට ජාතික ගමනාගමන මණ්ඩලය එකඟවීමෙන් පසුව දින හතරක කාලයක් පුරා පැවති උතුරු පළාත් ලංකා ගමනාගමන මණ්ඩල සේවකයින්ගේ වැඩවර්ජනය අද (4) අවසන් කෙරිණි.

වැඩවර්ජනයේ නිරත උතුරු පළාත් ලංගම සේවකයින්ගේ ප‍්‍රධාන ඉල්ලීම ලෙස නව බස්නැවතුම්පළ බෙදා එක් කොටසක් පෞද්ගලික බස්රථ සඳහා ද අනෙක් කොටස ලංකා ගමනාගමන මණ්ඩලයට ලබාදෙන ලෙසට කළ ඉල්ලීමට ප‍්‍රතිචාර දක්වමින් උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සි.වී.විග්නේෂ්වරන් මහතා ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් බස්නැවතුම්පල බෙදා වෙන්කර දෙන ලෙස ඉල්ලීම් කරනු ලැබීය.

ඒ අනුව නව බස්නැවතුම්පලේ සියලූ පාර්ශව සමඟ කළ සාකච්ඡාවකින් පසු ලංගම සේවක සංගමය හා පෞද්ගලික බස්රථ සේවක සංගම්  බස් නැවතුම්පළ බෙදා වෙන්කිරීම පිළිබඳ එකඟතාවයට පැමිණිමෙන් පසුව වැඩවර්ජනය අවසන් කළ බව උතුරු පළාත් මගී ප‍්‍රවාහන අධිකාරියේ සාමාන්‍යාධිකාරී පි. පද්මනාදන් මහතා පැවසීය.

වර්ජනය අවසන් කිරීමත් සමඟ සාමාන්‍ය පරිදි ලංගම බස්රථ ධාවනය කිරීම අද (4) ආරම්භ කැරිණි. 

බස්නැවතුම්පළ වෙන් කරමින් ආරක්ෂිත වැටක් ඉදිකිරීමට කටයුතු කරන බවද ලංගම සේවක සංගමය වර්ජනය අවසන් කරමින් පැවසීය.



අදහස් (1)

වවුනියාවේ බස් වර්ජනය අවසන්

menna Friday, 05 January 2018 01:59 AM

ලංකාවේ පාරවල් වල ප්‍රමාණයට, බස් වල සයිස් එක ලොකු වැඩියි.

:       0       106

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 148 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 765 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site