(රොමේෂ් මධුෂංඛ)

වව්නියාව ජුම්මා මුස්ලිම් පල්ලිය ඉදිරිපිට පිහිටි වෙළඳසල් කිහිපයක අද (20) අළුයම ඇති වූ හදීසි ගිනි ගැනීමක් හේතුවෙන් වෙළඳසල් දෙකක් සම්පූර්ණයෙන්ම විනාශ වී තවත් වෙළඳසල් දෙකකට හානි සිදුවී ඇති බව පොලිසිය පවසයි.

කිසියම් පිරිසක් අදාළ වෙළඳසල දෙසට පෙට්‍රල් බෝම්බයක් විසි කර පළා ගොස් ඇතැයි වෙළෙන්දෝ පවසති.

ගිනි ගැනීම් සම්බන්ධයෙන් නිශ්චිතව තවමත් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවටත් වෙළඳසල තුළ වූ විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගිනි ගැනීම සිදු වන්නට ඇති බවටත් ගින්නට හේතුව සම්බන්ධයෙන් පුළුල් පරික්ෂණයක් ආරම්භ කොට ඇති බවත් පොලිසිය පවසයි.

වෙළඳසල් පෙළේ ගින්න ඇති වීමත් සමඟ වව්නියාව නගර සභාවේ ගිනි නීවීමේ ඒකකය ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව ගින්න මැඩපැවත්වීමට පියවර ගෙන ඇත.

ඡායාරූප - රොමේෂ් මධුෂංඛ

ඡායාරූප සිතුම් චතුරංග