(සිතුම් චතුරංග)
වවුනියාව, සිට යාපනය බලා ධාවනයවූ යාල්දේවී දුම්රිය වවුනියාව පුලියන්කුලම, පුත්තූර් දුම්රිය හරස් මාර්ගයයේදී වැලි ප‍්‍රවාහනය කළ ට‍්‍රැක්ටර රථයක ගැටී තරුණයන් දෙදෙනෙකු අද (15) දහවල් ජිවිතක්ෂයට පත්ව ඇතැයි පුලියන්කුලම පොලිසිය කියයි.
මෙලෙස අනතුරින් මියගොස් ඇත්තේ ජෙගනාදන් රවිදරන් (20) හා රාසේන්ද්‍රන් නිජදීපන් (21)නැමති වවුනියාව පුලියංකුලම ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකි.
දුම්රිය හරස්මාර්ගයේ දුම්රිය පැමිණෙන බවට ආලෝක සංඥා ක‍්‍රියාත්මක වී තිබෙන අවස්ථාවක මෙම තරුණයින් දෙදෙනා අපරික්ෂාකාරී ලෙස වැලි පැටවූ ට‍්‍රැක්ටර් රථය දුම්රිය මාර්ගයට ඇතුල් කිරීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරට පටවපු වැලි වෙන්න ඇති