
(වයි.ඒ.එස්.වීරවංශ සහ ලසන්ත නිරෝෂණ පෙරේරා )
බළංගොඩ වලවේ ගගෙහි හපුගහකුඹුර යහලවෙල නැමති ස්ථානයේ මසුන්ට ඩයිනමයිට් යොදා මසුන් මරමින් සිටියදි එම ඩයිනමට් ගුලියක් අතෙහි පත්තු විමෙන් දෙදෙනෙකු තුවාල ලබා අද (23) දින සවස බළංගොඩ මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි බලංගොඩ පොලිසිය කියයි .
එක් අයෙකුගේ අත මැණික්කටුව ළගින් වෙන්වි ඇති අතර අනෙක් පුද්ගලයාගේ මුහුණට බරපතල තුවාල සිදුවි ඇති බව පොලිසිය කියයි
සිව් දෙදෙනෙකු ගෙන් යුත්ත පිරිසක් මෙලෙස මසුන් ඇල්ලිමට පැමිණි තිබේ . අසල්වාසින් ප්රතකාශකර සිටියේ විශාල පිපුරුම් හඩක් ඇසුණු බවයි .
මෙලෙස තුවාල ලබා ඇත්තේ බළංගොඩ තොටුපොලතැන්න පුදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකි .
සිද්ධිය සම්බන්ධයෙන් බළංගොඩ පොලිසිය වැඩි විමර්ශන සිදුකරති .
COMMENTS
Reply To:
-
රටේ කන්න නැතත් බොන්න මත්පැන් සහ පුපුරන ද්‍රව්‍ය ලාබෙට තියෙනවා වගේ...
කොහේද හලෝ කන්න නැත්තේ..? විකාර කියවන්න එපා. මොකද ක්‍රෝටන් කොළ කාපු කලේ අමතකද?
හිඟන මනුස්සයා අත්අඩංගුවට ගත්තොත් ලක්ෂ ගණනින් මුදල් බෑග් එකේ තිබෙනවා.
කොහෙද ලාබෙට මත්පැන් තිබෙන්නේ.
දිට්ඨධම්මවේදනීය කර්මය..
බාගෙන කන්න තියෙන දේවල්, ඉහගෙන කන්න ගියාම ඔහොම තමයි. ඔහොම වෙලා මදි.