(ඩී.කේ.රත්න)
වැල්ලවාය මොනරාගල ප‍්‍රධාන මාර්ගයේ වැල්ලවාය නගරය ආසන්නයේම පිහිටි කිරිදිඔය හරහා ඉදිකර ඇති පාලම යට තිබී ටී 56 ජීව උණ්ඩ 17 ක් අද (5) සොයා ගෙන ඇතයි වැල්ලවාය පොලීසිය පවසයි.
මෙම ජීව උණ්ඩවලින් කොටසක් පාලම යට කිරිදිඔයේ තිබියදීද ඉතිරි උණ්ඩ පාලය යට තිබියදීද මෙසේ පොලීසිය විසින් සොයා ගෙන ඇත
ප‍්‍රදේශවාසී පුද්ගලයෙකු විසින් වැල්ලවාය කිරිදිඔයේ පාලම යට ජීව උණ්ඩ ඇති බවට වැල්ලවාය පොලීසියට සිදුකළ දැනුම්දීමක් මත වැල්ලවාය පොලීසිය විසින් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම ජීව උණ්ඩ සොයා ගෙන ඇත.
මේ පිළිබදව මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැත.
කිසියම් පුද්ගලයෙකු විසින් මෙම පාලම මත සිට මෙම ජීව උණ්ඩ කිරිදි ඔයට විසිකරන්නට ඇතැයි පොලීසිය සැකකරයි.
වැල්ලවාය පොලීසියේ නිලධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
වැල්ලවායේ පාලමක් යට තිබී ටී-56 ජීව උණ්ඩ 17 ක් සොයාගනී
Prabha Sunday, 05 May 2019 08:00 AM
ඔය පැත්තේ නම් කාගේ භාණ්ඩද කියලා හිතාගන්න අමාරුයි.....