(නිමල කොඩිතුවක්කු)
කොන්ද පණ තියෙන පාර්ලිමේන්තුව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රිවරයෙක් ලෙස කුමාර වෙල්ගම මහතා එක්සත් ජාතික පක්ෂයට පිළිගැනීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවැසීය.
තම පක්ෂය සමඟ එක්වන ලෙසට එතුමන්ට ආරාධනා කර සිටින බවත් මන්ත‍්‍රීවරයා සදහන් කළේය. කොළඹ අරලියගහ මන්දිරයේ අද(22) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
දිනේෂ් ගුණවර්ධන, කුමාර වෙල්ගම වැනි ජ්‍යෙෂ්ඨයන්ට පොහොට්ටුවෙන් අවස්ථාව නොලැබෙන්නේ ඔවුන් රාජපක්ෂවරුන් නොවීම නිසා බවත් සියවස් ගණනාවකට පෙර පැවති රජ පවුල් සංස්කෘතිය තවමත් පොහොට්ටුව තුළ තිබීම පිළිබඳ තරුණ දේශපාලඥයෙකු ලෙස තමන් කනගාටු වෙන බවත් හර්ෂණ රාජකරුණා මහතා සදහන් කළේය.
COMMENTS
ඔබතුමාගේ පක්ෂේ නායකකම ඊළඟ ජ්‍යෙෂ්ඨයන්ට දෙන්න තව කී කාලයක් යාවිද? කුමාර වෙල්ගම ගන්නෙත් ඉන්න කට්ටිය කපන්න නෙවෙයිද?
කෙසේ හෝ ගැටගහගෙන බලය ගන්න යන්නේ රටේ කිසිම දේශපාලකයෙකුට ලැජ්ජා බය නෑ. දුප්පත් මිනිසුන්ගේ උපයන මුදල බෙදා හදා ගන්නයි මේ ඇරයුම් කරන්නේ... මේ දේශපාලන විජ්ජාව තේරුම් ගන්නට රටේ සියලු ඡන්ද දායකයින්ට බුද්ධිය පහළ වේවා..!!!
වෙල්ගම උන්නැහේ අරගෙන ඒ.ජා.පෙ. පොදු අපේක්ෂකයා කරලා දාන්න මහත්තයෝ . එයා ජනාධිපති වෙයි මයේ හිතේ. එතකොට අපේ රට ගොඩේ ගොඩ.
ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ඔයාගේ පක්ෂයේ පක්ෂයේ කොන්ද පණ තියන අය නැතැයි පිළිගැනීම ගැන. වෙල්ගමට අබ සරණයි.
අතීතයේත් ඔය වගේ අය ඉඳලා තියනවා. ඒ අයගේ දේශපාලනය එතැනින්ම අවසන්වීම පුදුමයක් නොවෙයි.
මෙයාගේ පොඩි පරහක් තිබුණු බව හර්ෂණ මන්ත්‍රීට මතක නැතිවා වගේ. එතුමාලා බලයේ සිටි කාලයේ එතුමා රැකියා දෙනවා කිව්වේ ඔහුගේ ජයග්‍රහණයට වැඩකළ අයට පමනයි කියලා. ජනාධිපතිවරණය දිනුවත් කරන්නේ එයම වෙන්න පුළුවන්... ඔහු නිර්පාක්ෂික වී තරඟකරන්නේ නම් රටේ නායකත්වයට ඔහු ඉතාම සුදුසුයි...
එහෙන් මෙහෙට, මෙහෙන් එහෙට අලුත් මූනක් බලන්න ආසාවේ බැහැ.