ක.ග කරුණාරත්න
පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රය වාරිමාර්ග ඉංජිනේරු අසේල උදයංග මහතාට බැන තර්ජනය කර පහරදීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන එක්සත් ජාතික පක්ෂයේ පොළොන්නරුව දිස්ත්‍රික් සංවිධායක වරයා ලබන සඳුදා(14) වනවිට පොලිසිය අත්අඩංගුවට නොගතහොත් ගොවීන් 10,000 ක් සමඟ පාරට බැස පොළොන්නරුවේදී විරෝධතාවක් දක්වන බව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ව්‍යාපාරය සංවිධාන වල සභාපතිවරු අද(12) ප්‍රකාශ කළහ.
පොලොන්නරුව නව නගරයේ පිහිටි පරාක්‍රම සමුද්‍රය ව්‍යාපාර අධිකාරි කාර්යාලයේ අද (12) පැවැති මාධ්‍ය හමුවකදී ගොවි සංවිධාන සභාපතිවරු මේ බව කියා සිටියහ.
පරාක්‍රම සමුද්‍රය ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති ජගත් අරුණ කීර්ති මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ පරාක්‍රම සමුද්‍රය වාරිමාර්ග ඉංජිනේරුවරයාට බැණ තර්ජනය කර පහරදීමේ සිද්ධියට මුල්වී ක්‍රියා කළ එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරයා සඳුදා (14) වනවිට අත්අඩංගුවට නොගතහොත් පොලොන්නරුවේ පමණක් නොව රටපුරා ගොවි සංවිධාන දීප ව්‍යාප්ත විරෝධතාවයකට සූදානමින් සිටින බව කීය.
පරාක්‍රම සමුද්‍රය, ගිරිතලේ, මින්නේරිය, කවුඩුල්ල, ඇලහැර යන ව්‍යාපාර ගොවි සංවිධානවල සභාපති වරු සහ ගොවි සංවිධානවල නියෝජිතවරු මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියහ.

COMMENTS
රට පුරා ගොවි මහතුන්ගේ සංවිධාන සැදීම හොඳ දෙයක්... මෙවැනි සංවිධාන තුළීන්, පසුගියදා මෙන් වට්ටක්කා, කැකිරි ඵලදාවේ අතිරික්තයක් ඇතිවුණු අවස්ථාවලදී, අතරමැදියාට යට නොවී, තමන්ගේ ඵලදාව තමන් විසින්ම නගර වෙත ප්‍රවාහනය කර වෙළඳාම් කරගත හැකියි. මේ ගොවි සංවිධාන තුළින් එවැනි කාර්යයක් සිදු කර ගත හැකි නම්, එය විරෝධතා සඳහා පාරට බැසීමට වඩා ඵලදයී දෙයක් වනු ඇතයි මම සිතමි.
වාරිමාර්ග ඉංජිනේරුවරුන්ට තම රාජකාරි කටයුතුවලදී පැමිණෙන තර්ජනවලදී ආත්මාරක්ෂාවට ප්‍රතිප්‍රහාර ලබා දීම සඳහා පැරණි අංගම්පොර හෝ කරාටේ සටන් ක්‍රම දෙපාර්තමේන්තුව මගින් ඉගැන්විය යුතුයි. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අතීතයේදී මෙවැනි අවස්ථා වලදී පහර දීමට පැමිණි මැරයන්ගේ දත් අහිමිවූ අවස්ථා තිබුණි.
උගතුන්ට ලංකාවට එන්නලු එහෙම ඇවිල්ලා ගුටිකන්න කවුද කැමති.... නීති කතාකරන අගමැතිතුමන්ලා ජනාධිපතිතුමාලා මේ ගැන මොකවත් කරන්නේ නැද්ද? පෙළපාලි මර්ධනය කරනවා වෙනුවට චූදිතයා අල්ලන එක හොඳ නැද්ද?
එයාගේ ගමේ නේද මේක සිදුවෙලා තියෙන්නේ. ඉංජිනේරුවෙක් කියන්නේ පලාත් සභාවක ඉන්න අයෙක් නෙවෙයි... ගොවි මහතුනි මගේ ප්‍රණාමය.
නිලධාරී මහතාට පහරදීම මම අනුමත නොකරමි...... ඔහුට විරුධව නිතිය ක්‍රියාත්මක කල යුතුය, නමුත් දීප ව්‍යාප්තව 10000 පාරට බසවන්න පුළුවන් තරම් සංවිධන ශක්තියක් මෙම ගොවි සංවිධාන වලට තිබෙනවා නම් , දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයේ කුණු කොල්ලෙට විකිණෙන ගොවි නිෂ්පදන රට පුර බෙදාහැරීමට බැරි මොකද ? තම නිෂ්පාදන ගබඩා කර තබාගන්න ශීතාගාර සහිත ගබඩා පහසුකම් වැනි දේවල් රජය සමග එකතුවෙලා ගොඩ නගන්නේ නැත්තේ මොකද ? දඹුල්ලේ එළවලු මුදලාලිලාගේ මාෆියා සමඟ හැප්පෙන්නේ නැත්තේ මොකද ? හරි නම් ගොවි සංවිධානවල මුලික කාර්ය භාරය මේවා නේද?
වෛද්‍ය වරයෙකුට පහර දුන්න නම් වෛද්‍යවරු ඔක්කොම වැඩ වර්ජනය කරනවා. නමුත් ඉංජිනේරුවට පහර දුන්නට පාරට බහින්නේ ඉංජිනේරුවරු නෙවෙයි අහිංසක ගොවීන් . එක තම හම්බු කරපු ධනය . අහිංසක මිනිසුන්ගේ හදවත්
මෙම අය කරන්නේ ජනතා සේවයකි , දේශපාලුවන්ගෙන් සහ කොන්ත්‍රාත් කරුවන්ගෙන් යැපීම කරන නිලදාරීන්හට මෙවෙනි දේවල් සිදු නොවේ
ජවිපෙ ඇමතිවරයෙක් වාරිමාර්ග අමාත්‍යාංශය භාරව සිටින කාලයේදීත් වාරිමාර්ග ඉංජිනේරු පොළොන්නරුව වෙත මේ වගේම ප්‍රහාරයක් ප්‍රසිද්ධ දේශපාලන සබඳකම් ඇති හාල් මෝල් හිමියෙකුගේ තැරැව්කරුවන් එල්ල කළා. එකල වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සියළු සේවකයින් විශාල උද්ඝෝෂණයක් කළ මුත් ඇමතිවරයා මුනිවත රැක්කා.