(යක්කලමුල්ල විශේෂ ජේ.කේ.එල්. චාමින්ද / උණවටුණ ඩී. ජී. සුගතපාල සහ ප්‍රේමතිලක ද සිල්වා)
කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා දැඩි සත්කාරක ඒකකයේ වෛරස් උණ වැළදිමෙන් අසාධ්‍ය වු දරුවන්ගෙන් පිරීයාම නිසා එහි ඇඳක් වෙන්කර ගැනිමට නොහැකිවිමෙන් දැනට මාස දෙකක සිට වෙනත් ළමා ශල්‍ය කර්ම කිරිමට නොහැකි තත්වයක් උදාවි ඇති බැව කරපිටිය රෝහලේ ළමා ශල්‍ය විශේෂඥ වෛද්‍ය ජනිත් ලියනගේ මහතා පවසයි.
කරාපිටිය ශික්ෂණ රෝහලේ අද (26) පැවැති මාධ්‍ය හමුවකදී විශේෂඥ වෛද්‍යවරයා මේ බව සඳහන් කළේය. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කරාපිටිය රෝහල් ශාඛාව මගින් මෙම මාධ්‍ය හමුව සංවිධනය කර තිබුණි.
පිළිකා හා වෙනත් බරපතල රෝග නිසා කළ දරුවන්ට කළ යුතු ශල්‍ය කර්ම මෙම තත්වය නිසා කිරීමට නොහැකි වි ඇති බවද ළමා ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයා සදහන් කළේය. එමෙන්ම මෙකි වෛරස් උණ රෝගි තත්වය හේතුවෙන් ජනතාව අතර පවතින අනියත බිය නිසා වෙනත් රෝග සදහා රෝහලට ඇතුළත් වන රෝගීන්ගේ සංඛ්‍යාව විශාල වශයෙන් අඩුවි ඇති බවද, ළමා ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයා සදහන් කළේය.
මෙම අනියත බිය නිසා ශල්‍ය කර්ම සඳහා දින ලබාදුන් රෝගින්ද නොපැමිණෙන බවද විශේෂඥ වෛද්‍යවරයා පැවැසීය. මේ පිළිබඳ අදහස් දක්වමින් හෙතෙම මේසේද ප්‍රකාශ කළේය.
දකුණු පළාතට තියෙන්නේ එකම ළමා දැඩිසත්කාරක එ්කකයයි. මෙහි වෛරස් උණ රෝගය වැළඳීමෙන් අසාධ්‍ය වු දරුවන්ගෙන් පිරි පැවතීම නිසා වැඩිහිටියන් ඇතුලත් කරණ දැඩිසත්කාරක ඒකකවලට අැතුළත් කරලා දරුවන්ට ප්‍රතිකාර කිරිමට වෙලා තියෙනවා. මෙහි ඇඳන් 07ක් තියෙනවා. එක් ඇදක වටිනාකම ලක්ෂ 50ක් විතර වෙනවා. ළමා දැඩි සත්කාරක ඒකකයේ ඇඳන් පිරීගොස් ඇති නිසා දැනට මාස දෙකක විතර සිට ළමා ශල්‍යකර්ම කිරීමට ක්‍රමයක් නැත. එම දරුවන් නිවෙස්වලට යවා ඇත.
මේ නිසා ළමා දැඩි සත්කාරක ඒකකයට රෝගින් බාරගැනීමට බැරි තත්වයක් මතුව තිබේ. ළමා දැඩිසත්කාරක ඒකකය ඉදිකර ඇති ගොඩනැගිල්ලේ තවත් ඇඳන් හයක් දැමිය හැකිය. ඇඳන් හයකට උපකරණ ලබාදෙන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියි. උපකරණ සහ අනෙක් දේවල් ලබාදීමට ඉක්මන් පියවරක් ගන්නා ලෙස ඉල්ලා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකේ හොඳම සෞඛ්‍ය ඇමැති ඉන්නෙ අපේ රටේනේ. අඩුපාඩු මදි වුනත් වෛද්‍යවරුන් කරන සේවය ප්‍රශංසනීයයි. හැබැයි ඇමැතිවරු නම් සිංගප්පූරු යයි.
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහල කියලා එකක් මේ රත්මලාන කිට්ටුව තියෙනවා. ඒකේ ළමා වාට්ටුවේ ඕනෑතරම් ඇඳන් තියෙනවා. ළමා වාට්ටුව විතරක් නෙමෙයි.... ඇඳන් 810ක අංග සම්පූර්ණ රෝහලක්. ඇඳන් විතරයි ලෙඩ්ඩු නැහැ. මේක දැනටම වල්බිහිවෙන්න පටන් අරන් තියෙන්නේ.... රජය කිසිම විදිහකින් මේනෙ වැඩ ඉක්මන් කරලා ජනතා සේවයට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්නේ නැතිව කල් මරමින් ඉන්නවා. දැනට මේ රෝහල පළමු අදියරේ මූලික රෝහලක් ලෙස නොමිලේ සේවා සපයමින් වැඩකරගෙන ගියත් ... මෙම රෝහල අංග සම්පූර්ණ ලෙස පරිහරණය කිරීමට අවශ්‍ය සම්පත් සැපයුවොත් නමුත් කුමන හෝ බලපෑමක් මගින් මෙම ස්ථානය තවමත් පාලකයන්ගේ නිසි ඇගැයීමකට ලක්වී නොමැතිව. ගොඩනැගිලි වලට පමණක් සීමා වී පවතින එක සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේම අවාසනාවක්....
අමතිවරු හිටියට වෙඩක් නේ
මෙම වෛරසය රට තුල පැතිරගොස් මහා ව්‍යවසනයක් වීමට පෙර රජය මැදිහත් වී පුද්ගලික රෝහල්වල දැඩි සත්කාර එ්කකද භාවිතා කර අසරණ රෝගී දරුවන් සුවපත් කර මෙම වෛරසය අප රටින් තුරන් කිරීමට නියෝග ලබාදෙන්න.
තුච්ච දේශපාලනය විසින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පැහැදිලි පිල්බෙදීමක් ඇතිකර ඇති මෙවන් සමයක රටේ ආපදා තත්වය තේරුම්ගෙන කඩිනමින් රෝග නිවාරනයට එකාමෙන් පෙලගැසෙමු..
හදිසි තත්වයන්ට සුදානම් විය යුතු පෙරහුරුවක් එහෙම කලේ නැද්ද? රෝගීන්ට ඇඟට දැනෙන්නත් එක්ක වර්ජනයකට යන්න කියාපු කාලේ. මෙම වෛරසය අර බ්‍රිතාන්‍ය ශල්‍ය වෛද්‍යවරයා නොමිලේ කළ ශල්‍යකර්මවල කිසියම් බලපෑමක් වෙන්න බැරිද?
දැන් අපේ රටේ නිසි ප්‍රමිතියෙන් යුත් දක්ෂ වෛද්‍යවරුන්ගේ විශාල හිගයක් පවතිනවා. ඔවුන් රෝගය හඳුනා ගන්න විට ලෙඩා මැරී අවසන්. මේක අවාසනාවන්ත තත්වයක්. මේ දුපතට පමණක් කොටු උන දේශපාලකයින් පිනවන දොස්තරලා වෙනුවට ජාත්‍යන්තරයේ දක්ෂ වෛද්‍යවරුන් මෙරටට ගෙන්වා, ඔවුන්ගේ දැනුම ලබාගැනීමේ වැඩපිළිවෙලකට යාමට රජය කටයුතු කල යුතු වෙනවා. රෝහල තුල මිය ගිය රෝගීන්ගේ සංඛ්‍යාව වත් නොදන්නා වෛද්‍ය වරු ෆේස් බුක් එකේ යන වැරදි ප්‍රචාරයන් ගැන බියෙන් කතා කිරීමත් විහිළුවක්. අනේ මෙහෙමත් දොස්තරලා!!
දේශපාලුවන්ට වගේ මේ රටේ දරුවන් සින්ගපුරුවට වත් යවන්න බැරිද?
ඇත්තම කියනවා නම්, ඉස්සර හිටිය දොස්තරලගේ පැත්තකින් වත් දැන් ඉන්න දොස්තරලව තියන්න බැහැ නේද? ඒ කාලේ හියිය උතුම් වෛද්‍යවරු මේ වනවිට විශ්‍රාම ගිහින් ඒ කාලේ සල්ලි දීලා බෙහෙත් ගත්තත් අපි දොස්තරලට ස්තුති කරලා වැඳලයි එන්නේ. මුදල් ගෙවලා බෙහෙත් ගත්තට පව් සිද්ධ වෙන්නේ නැහැ, එක බෙහෙතින් ලෙඩේ සුවයි. ඒකටත් එක්ක දැන් ඉන්න දොස්තරලා ලෙඩාව විකුණගෙන කාල පොහොසත් වෙනවා. මේ අය තනිකරම, වෛද්‍ය විෂය නොදන්නා, කළුකඩ දොස්තර මුදලාලිලා. ලැජ්ජයි!!!