(නාලක සංජීව දහනායක සහ සනත් ගමෙගේ)
හම්බන්තොට වරාය සේවක සංගමයේ නියෝජිතයන්ට වරාය පරිශ‍්‍රයට ඇතුළුවීම හෝ එහි රැඳී සිටීම වළක්වාලමින් හම්බන්තොට මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් අද (30) තහනම් නියෝගයක් ලබාගත් බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහන් කරයි.
හම්බන්තොට වරාය සේවකයන් පිරිසක් අද සේවය නිමවා වරාය පරිශ‍්‍රයෙන් පිටව නොගොස් වරාය ප‍්‍රධාන පරිපාලන ගොඩනැඟිල්ල තුලම රැඳී සිටීම හේතුවෙන් මෙම තහනම් නියෝගය ලබාගෙන තිබේ.
එම නිවේදනය අද පස්වරුවේම වරාය පරිශ‍්‍රයේ අලවා තිබුණු අතර වරාය පරිශ‍්‍රය අවට ආරක්‍ෂාව තරකර තිබුණි. මේ හේතුවෙන් අද රාත‍්‍රී වනවිටත් වරාය පරිශ‍්‍රය අවට දැඩි උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබුණි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්‍ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.