(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි හෙයින් එම වගන්ති විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත කරගත යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (18) පැවසීය .

එම පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කතානායකවරයා පාර්ලිමේන්තුවට අද  පෙරවරුවේ ඉදිරිපත් කළේය .

ශ්‍රේෂ්ඨාධිකරණයේ එම තීරණය කථානායකවරයාට පසුගියදා භාරදී තිබිණ .