ඩයනා උදයංගනී
දරුවන්ගේ කාලය නාස්ති නොකර ඔවුන්ට වයස 21 ක් පමණ වන විට උපාධියක් හා වයස 25ක් වන විට ආචාර්ය උපාධියක් ලබාගැනීමට හැකි අයුරින් අධ්‍යාපන ක‍්‍රමය වෙනස් කිරීම තම අරමුණ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට උසස් පෙළ අධ්‍යාපන කටයුතු ආරම්භ වන තුරු හා උසස් පෙළින් පසු විශ්ව විද්‍යාල අධ්‍යාපනය ආරම්භ වන තුරු බලාසිටීමට ගතවන කාලය අඩු වන අයුරින් විභාග පැවැත්වීමට මේ වන විට සැලසුම් කර තිබෙන බව ද ඇමතිවරයා සඳහන් කළේය.
ඒ අනුව අ.පො.ස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග දෙකම දෙසැම්බරයේ පවත්වා එම මාසයේම ප‍්‍රතිඵල ද නිකුත් කර ජනවාරියේ උසස් පෙළ හා විශ්ව විද්‍යාල ඇරඹීම ඉලක්කය බව ද ඇමතිවරයා කීවේය.
ඒ සඳහා ක‍්‍රමවේදයක් විභාග දෙපාර්තමේන්තුව හා එක්ව මේ වන විට සැලසුම් කරමින් පවතින බව ද අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.
අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව පැවසුවේ අධ්‍යාපන අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී අද (20) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
සාමාන්‍ය පෙළ, උසස් පෙළ හා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප‍්‍රතිඵල නිකුත් කරන දින අප ලබා දී තිබෙන බව කී අමාත්‍යවරයා උත්තර පත‍්‍ර පරීක්‍ෂාව නිසා පාසල් ගණනාවක් නිවාඩු කාලවලින් පසු නියමිත දිනයේදී ආරම්භ කිරීමට නොහැකි වීම ගැටලූවක් බව ද මෙහිදී කීවේය.
එබැවින් විභාගය පැවැත්වූ සැණින් උත්තර පත‍්‍ර පරීක්‍ෂා කිරීම අරඹා හැකි තරම් නිවාඩු කාලය තුළදීම අවසන් කරන ලෙස විභාග කොමසාරිස්වරයාට උපදෙස් දී ඇති බව කී අකිල විරාජ් කාරියවසම් මහතා, මෙවර උත්තර පත‍්‍ර පරීක්‍ෂාව සඳහා පාසල් වසා තැබුවේ දින 5ක පමණ කාලයක් බව ද කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකනම් හොඳ අදහසක්. අනාගත පරපුරේ දරුවන්ට හොඳ අනාගතයක් නිත්‍යානුකූලවම කලොත්
මෙයා දන්නා තරම තමයි. පළමු උපාධිය අවුරුදු 21 දී ගත්තම අඩුම ගණනේ තව අවුරුදු දෙකක් යනවා මාස්ටර් උපාධිය ගන්න. ඒ එක්කම පටන් ගත්තොත් තව අවුරුදු 3 - 3 1/2 යනවා PhD (ආචාර්ය උපාධිය) කරන්න.
ඉතා වටිනා වැඩක්
මෙය ඉතාම ඉහලින් අගය කල යුතු දෙයක්. අපි මෙහෙ ඉගෙන ගෙන ආචාර්ය උපාධිය කරන්න අවුරුදු 25ක් වෙලා වෙන රට වලට යද්දී ඒ රට වල ළමයි අවුරුදු 21-22 අපිත් එක්ක ආචාර්ය උපාධිය පටන් ගන්නවා. ලෝකේ තරුණ ශ්‍රමය, කාලය මනාව හසුරවද්දී අපේ රටේ අපි ගොඩක් පිටි පස්සෙන් ඉන්නේ
අධ්‍යාපනයක් නැතුව හෝ උපාධි දුන්නට අපේ විරුද්ධත්වයක් නැහැ, හැබැයි අඩුම වශයෙන් "මනුස්සකම් තියන මනුස්සයින්ට"
අගෝස්තු මාසයේ උසස් පෙළ පවත්වලාවත් ජනවාරි වන විට විශ්වවිද්‍යාලයට ඇතුළත් කර ගන්න බැරි නම් මේ මොන විහිළු කතා ද ..?
ඕක හරිම ලේසි වැඩක්. වෙලාවට පන්ති පටන් අරන්, හරි ආචාර්යවරු පත් කර, නවකවදය නවත්වලා, වර්ජන නවත්වලා, සිසුන් ලවා පොරොන්දු පත්‍රයකට අත්සන් කරගෙන වැඩේ පටන් ගත්තනම් මොකද කරන්න බැරි.
හොඳ අදහසක්. ක්‍රියාත්මක කරන්න. ලෝකයේ දියුණු රටවල වයස අවුරුදු 20/ 21 වෙනකොට උපාධියකුත් අරන් රැකියාවකුත් කරනවා. අපේ අය පාරවල් ගානේ වර්ජන කර කර ඉදලා වයස ගියාම රජයට බනිනවා.
උපාධියත් සාමන්‍ය පෙළ තත්ත්වයට ගෙන එන්නයි හදන්නේ. ළමයින්ගේ දැනුම දියුණුකර උපාධි මට්ටමට ගන්නවාට වඩා ලෙහෙසී උපාධිය ළමයින්ගේ දැනුම මට්ටමට බස්සන එක
ඔය උපාධි දෙන තරමට රස්සාවල් තියෙනවද? ඊළගට දැන් උසස් පෙළ සමත් ළමයි ගන්න දැන් විශ්වවිද්‍යාල වල ඉන්න අය එලවලද ඉඩ ගන්නේ ?
වයස 21 ක් පමණ වන විට උපාධියක් හා වයස 25ක් වන විට ආචාර්ය උපාධියක් ලබාගැනීමට හැකි අයුරින් අධ්‍යාපන ක‍්‍රමය වෙනස් කිරීම කල යුතේ රටට වැඩක් වෙන විදියට මිසක් නිකම් වැඩක් නැති උපාධි දෙන්න නොවිය යුතුයි. අද ප්‍රශ්නය වෙලා තියෙන්නේ හැම උපාධි කාරයාම (දොස්තරගේ ඉඳල) රජයෙන්ම රස්සා ඉල්ලන එකයි. රටේ අවශ්‍යතා වලට ගැලපෙන උපාධි දෙන්න පාසල් වල ඉඳල විශ්ව විද්‍යාල දක්වාම වෙනස කරනවා නම් තමා හොඳ.
දැනට තියන අදහස් කියවල බැලුවා. විවිධ මත තමයි දරන්නේ. කොච්චර හොඳ දෙයක් කරන්න ගියත් අකමැති අය ඉන්නවා. බහුතරයගේ අදහස ක්‍රියාත්මක කලානම්, දියවන්නාවේ ඉඳලම, වර්ජන නෑ. නීතිය අකුරටම ක්‍රියාත්මක වෙනවා නම් කාටවත් නටන්න බෑ. ලෝකය දිහා බළල වැඩ කරන්න පුරුදුවෙන්න ඕනෑ. සමහරුන්ට රිදේවි. වැඩේ පටන්ගත්තොත් අනාගතය හොඳ වේවි පොඩි අයගේ. ජයවේවා !!!
වැඩේ හොඳයි. ඔය එක්කම උපාධියේ ගුණාත්මක බව වැඩි කරන්න පුළුවන් නම් තවත් හොඳයි.