IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වයඹ පළාත් පරිසර අධිකාරිය විසුරුවන්නැයි වැසි වනාන්තර සුරකින්නෝ ජනපතිගෙන් ඉල්ලති

බිඟුන් මේනක ගමගේ 

 

මධ්‍යම පරිසර අධිකාරියේ නියාමන බලය නීතිවිරෝධී ලෙස භාවිතා කිරීමට වයඹ පළාත් පරිසර අධිකාරිය කටයුතු කරමින් සිටින්නේ යැයි ද එනිසා එය විසුරුවා හරින්නැයි ඉල්ලමින් වැසි වනාන්තර සුරකින්නන්ගේ සංවිධානය ජනාධිපති හා පරිසර ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලිපියක් යොමු කර ඇත. 

 

මධ්‍යම පරිසර අධිකාරියේ තිබු දුර්වලතා හේතුකරගෙන 2006 වර්ෂයේ සිට වයඹ පළාත් පරිසර අධිකාරිය සියලු පරිසර වාර්තා, බලපත්‍ර සහ අනුමැතීන් ලබාදීම තම ආයතනය වෙත පවරාගත්තේ යැයි ද පළාත් සභාවකින් ක්‍රියාත්මක වන එකම පරිසර අධිකාරිය වන ඊට පාර්ලිමේන්තුවේ නිසි අවසරයක් නැතැයි ද ඔවුහු පවසති.

 

අධිකාරියේ බලය අවභාවිත කරමින් නිකුත් කරන පරිසර බලපත් ආදිය නිසා මේ වනවිට ගංඟා, ජල මූලාශ්‍ර, පස හා වාතය දූෂණයට වයඹ පළාත් සභාව ද දායක වී ඇතැයි චෝදනා කරන එම සංවිධානය මෙමගින් ජාතික පාරිසරික පනත වයඹ පළාතේ දී ක්‍රියාවට නැගීමට බාධා පැමිණ ඇතැයි ද පවසයි.

 

උතුර හා උතුරු මැද පළාත් සභා ද මේ පරිද්දෙන්ම පරිසර අධිකාරි පිහිටුවා ගැනීමට උත්සාහ කළ ද මධ්‍යම රජයෙන් ඊට ඉඩක් නොදුන්නේ යැයි ද එම තත්ත්වය තුළ වයඹ පළාත් සභාව වෙනම පරිසර අධිකාරියක් ක්‍රියාත්මක කිරීමෙන් මධ්‍යම රජයේ බලය හෑල්ලුවට ලක් වී ඇතැයි ද එම ලිපියේ කරුණු සඳහන් වේ. 

 

වයඹ පළාත් පරිසර අධිකාරියෙන් පරිසර නීතිය උල්ලංඝණය කළ අවස්ථා විස්සක් උදාහරණ ලෙස දක්වමින් ලියන ලද මෙම ලිපියේ පිටපත් අගමැතිවරයාට, පළාත් සභා හා පළාත් පාලන ඇමැතිවරයාටත් මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු පරිසරය හා සම්බන්ධ රාජ්‍ය ආයතන රැසකටත් යොමු කර ඇත.

 

 



අදහස් (0)

වයඹ පළාත් පරිසර අධිකාරිය විසුරුවන්නැයි වැසි වනාන්තර සුරකින්නෝ ජනපතිගෙන් ඉල්ලති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 358 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site