IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


වියානා ඇළට සාමාන්තර මාර්ගයේ ආරක්ෂිත වැටක්

බදුල්ල මහියංගණ ප‍්‍රධාන මාර්ගයේ වියානා ඇළට සමාන්තර අනාරක්ෂිත මාපාකඩ ප‍්‍රදේශය සඳහා ආරක්ෂිත වැටක් කඩිනමින් ඉදිකරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සරත් චන්ද්‍රසිරි විතාන මහතා වෙත උපදෙස් දී තිබේ.

බදුල්ල - මහියංගණ මාර්ගයේ වියානා ඇළට සමාන්තරව දිවෙන මාර්ග කොටස කි.මී. 13 ක් වන අතර ඉන් කි.මි 08 ක් මහවැලි අධිකාරියට ද ඉතිරි කි.මි 05 මාර්ග සංවර්ධන අධිකාරියට ද අයත්වේ. මහවැලි අධිකාරියට අයත් කි.මි 08 ක කොටසෙන් කි.මි 05 ක ආරක්ෂිත වැට ඉදිකිරීම් මහවැලි වේලි ආරක්ෂණ ව්‍යාපෘතිය යටතේ 2017 වසරේ නිම කෙරුණි.

ඉතිරි මාර්ග කොටසේ නිතර රිය අනතුරු සිදුවන බවට වන වාර්තා සැලකිල්ලට ගනිමින් අදාළ ඉදිකිරීම් කඩිනමින් නිම කරන ලෙස ජනපතිවරයා උපදෙස් දී තිබේ.  



අදහස් (6)

වියානා ඇළට සාමාන්තර මාර්ගයේ ආරක්ෂිත වැටක්

sathyapala Friday, 27 April 2018 09:00 AM

පරිසරයත් රැකගෙන ලස්සනත් ඇතිවන වියදමත් අඩුවෙන් යන අලි ඇතුන් පවා ලං නොවන උණගස් වැටක් හැදුවා නම් හොඳයිද කියලා හොයල බලන්න. උණගස් වල මුල් දුරට ගැඹුරට පැතිරෙන්නේත් නැති නිසා ඇලේ බැම්මට හෝ කොන්ක්‍රීට් අාස්තරණය පුපුරන එකකුත් නෑ. වාහනයක් හැපුණත් උණබටවල මැද හිස් සැහැල්ලු බව නිසා අනතුරක හානියත් අවම වෙයි. අත්හදා බැලීමක් ලෙස මෙතනින් කරලා බලන්න. හරිනම් මිනිස්සු දැනුවත් කලොත් රට පුරා නොමිලේම ජනතාව මේවා වවලා දෙයි. දුම, දූවිලි සහ ශබ්දය අවම කිරීම සඳහා කම්හලක් වටා මෙසේ කර සාර්ථක ප්‍රතිඵල ලබා ඇත.

:       1       292

සී.යූතඑරත්නගෙ Friday, 27 April 2018 10:33 AM

මෙම ඇල දිගට උණබට සිටුවා වැටක් ලෙස වැවෙන්නට නොදී මල් කතුරෙන් කපා නඩත්තු කර පවත්වා ගත හැකි අතර එය බිත්තියක් ලෙස සකස්කල හැකිවේ මෙය හොඳ ස්වභාවික විසඳුමක් වේ.

:       173       60

දිලුම් Friday, 27 April 2018 11:08 AM

සත්‍යපාල මයා... ඔබේ අදහසට ස්තූතියි. ඒත් උණ බටවලට කොමිස් ගන්න බැරි නිසා ඇමති ලෙස මා එම යෝජනාවට කැමති නෑ. එහෙමයි අපේ වැඩ. අනික කිහිපදෙනෙක් මැරෙන්නම ඕනෑ ලංකාවේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්න..

:       0       43

RaveendraFriday, 27 April 2018 11:57 AM

එතකොට "ඇමතියට" ඔබේ, අපේ බදු මුදල්වලින් මිල අධික වාහන ගන්න පුළුවන්... "තුන් වේලම පිනටම ගිල දමන්න " පුළුවන්, කිතුල්ගස් කලන්තේ හැදුනාම රට වටේට යන්න, පිටරට සවාරි යන්න පුළුවන්... එ්වට නම් කැමතියි නේද?

:       0       12

sara Saturday, 28 April 2018 12:49 AM

උණගස් හැදෙන කම් යකඩ වැටක් ගහමු...

:       0       11

rocky Saturday, 28 April 2018 01:55 AM

මේ මාර්ගය වෙනුවට වෙනත් විකල්ප මාර්ගයක් ඉදි කරනවා නම් හොඳ ටෙන්ඩර් එකක් දාලා, නොම්මර එකේ කොමිස් පාරක් ගහන්න පුළුවනි. පරණ පාරත් කැබලි කොට වෙන්දේසියේ විකුණා තවත් වැඩක් දෙන්න පුළුවනි. ආන්න සංවර්ධනයට හරි පාර !!!

:       0       28

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 613 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1096 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site