IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


වියට්නාමයේදී අගමැති හරසරින් පිළිගැනේ

අංජුල මහික වීරරත්න වියට්නාමයේ හැනොයි නුවර සිට
 
වියට්නාමයේ හැනොයි නුවර පැවැත්වෙන ‘ආසියාන්’ ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (10) නොයි බායි ජාත්‍යන්තර ගුවන්තොටුපළින් වියට්නාමයේ, හැනොයි නුවරට ළඟා විය.
 
ආසියාන් සංවිධානයට අයත් රටවල හා අනෙකුත් ආසියානු රටවල ඉහළ පෙළේ නායකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත ‘ආසියාන්’ ලෝක ආර්ථික සමුළුව හෙට (11) හැනෝයි නුවර ජාතික සම්මේලන මධ්‍යස්ථානයේ දී ආරම්භ වීමට නියමිතය.
 
වියට්නාමයට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස නොයි බායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී පිළිගනු ලැබූයේ වියට්නාමයේ තොරතුරු සහ සන්නිවේදන කටයුතු පිළිබඳ වැඩ බලන අමාත්‍ය ග්යෙන් මාන් හං (Hon. Nguyen Manh Hung) මහතා සහ වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපතිනී හසන්ති දිසානායක මහත්මිය ඇතුලූ තානාපති කාර්යාලයීය නිලධාරීන් පිරිසක් විසිනි.
 
හැනොයි නුවර නොයි බායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට විශේෂ රථ පෙරහැරකින් අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස නවාතැන් ගෙන සිටින ලොත්තේ හෝටලය වෙත කැඳවාගෙන පැමිණි අතර එහිදී හෝටල් කළමනාකාරීත්වය සහ වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයීය නිලධාරීහු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස පිළිගනු ලැබූහ. 
 
මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි සහ විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ද මෙම සංචාරයට එක්ව සිටිති.



අදහස් (4)

වියට්නාමයේදී අගමැති හරසරින් පිළිගැනේ

Bamunuarachchi Monday, 10 September 2018 03:51 PM

ඕකේ අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. සාමාන්‍යයෙන් කෙරෙන දෙයක්. රනිල්ට කියා හෝ ශ්‍රී ලංකා අගමැති කියා හෝ වෙනසක් නැත.

:       0       0

Bamunuarachchi Tuesday, 11 September 2018 12:17 AM

රනිල්ට විතරක් කරපු විශේෂයක් නොවෙයිනේ

:       122       454

Bamunuarachchi Tuesday, 11 September 2018 12:21 AM

රාජ්‍ය නායකයෙකුට දෙන හමුදා ආචාරයට ගැහැණු කෙනෙක් සම්බන්දවෙනවා පළමු සැරේට දුටුවාමයි

:       28       203

ලුම්බිණි Tuesday, 11 September 2018 04:27 AM

අඩු වශයෙන් 'ශ්‍රී ලන්කන් එයාර්' අරගෙන ගිහින් නැහැ.

:       22       29

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site