IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


ව්‍යාජ මුදල් තොගයක් සමඟ දෙන්නෙක් අත්අඩංගුවට


(චන්ද්‍ර සේන ගමගේ


වීරකැටිය ගෝනදෙනිය ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වා ගෙන යනු ලැබූ ව්‍යාජ මුදල් මුද්‍රණය කළ  ස්ථානයක්  වටලා  ව්‍යාජ මුදල් තොගයක් සමග සැක කරුවන් දෙදෙ‍නෙකු  අත් අඩංගුවට ගත් බව අම්බලන්තොට පොලිස් වශේෂ කාර්ය බලකාය පවසයි.


අම්බලන්තොට පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කළ බව පවසන පොලීසිය එහිදී මුද්‍රණය කරන ලද රුපියල් 21280 ක වටිනාකමකින් යුක්ත ව්‍යාජ මුදල් තොගයක්ද ව්‍යාජ මුදල් මුද්‍රණය කිරීම සදහා යොදාගත් බවට සැක කෙරෙන ලැප්ටොප් පරිඝණකයක් මුද්‍රණ යන්ත්‍රයක් ස්කෑන් යන්ත්‍රයක් ද සොයාගත් බව පොලීසිය පවසයි.


අත් අඩංගුවට පත්ව ඇත්තේ ගෝනදෙනිය ප්‍රදේශයේම පදිංචි කරුවන් දෙදෙනෙකි. 


ඔවුන් වයස 21 හා 20 පසුවෙන්නන් බවත් එක් සැක කරුවෙකු නිවාස සංවර්ධන අධිකාරියේ සේවය කරන්නෙකු බවට තොරතුරු ලැබී ඇතැයිද පොලීසිය පවසයි.


අත් අඩංගුවට පත් සැක කරුවන් අද (15) දින වලස්මුල්ල මහේස්ත්‍රාත් වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

ව්‍යාජ මුදල් තොගයක් සමඟ දෙන්නෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 585 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site