(ටී.කේ.ජී.කපිල)
ව්‍යාජ ලෙස මුද්‍රණය කරන ලද ඇමෙරිකානු ඩොලර් නෝට්ටු තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ මාලදිවයින ජාතිකයෙක් අද (10) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරු 49 හැවිරිදි මාලදිවයින ජාතිකයෙකි .
මෙහි ඇමෙරිකානු ඩොලර් 8450 ක් වටිනා නෝට්ටු 169 ක් තිබූ අතර , ඒවායේ ශ්‍රී ලංකා රුපියල් වටිනාකම 13,68,900 ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසයි.
මෙම ව්‍යාජ නෝට්ටු ශ්‍රී ලංකාව තුළදී මාරුකර ගැනීම මෙම මාලදිවයින ජාතිකයාගේ අරමුණ බව පොලිසිය සිදු කළ මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.
මෙම ඇමෙරිකානු ඩොලර් තොගය සමඟ මාලදිවයින් ජාතිකයා වැඩිදුර පරීක්ෂණ සඳහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත බාරදී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ මිනිසුන්ට විදේශ මුදල්වල අගයක් නැහැ. පොඩි කඩේකට ගිහිල්ලා වුණත් ඩොලර් දීලා බඩු ගන්න පුළුවන්. මම අවුරුදු ගණනාවක් වැඩ කරන්නේ මාලදිවයිනේ. එහෙම තියෙද්දීත් මොකටද මන්දා මේ වගේ බාල වැඩ කරන්නේ...?