(ෂෙහාන් චාමික සිල්වා)
රජයේ වාහන අවභාවිතා කළැයි චෝදනා ලැබ රිමාන්ඩ් බාරයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතාට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ දී අද (3) යළි නඩුව කැදවිණි. එහිදී වීරවංශ මහතාගේ දියණිය රෝහල් ගත කිරිම සුවිශේෂී කරුණක් ලෙස සළකා කරන ලද ඉල්ලීම කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ප්‍රතික්ෂේප කළාය.
වීරවංශ මහතාගේ දියණිය රෝහල් ගත කර ඇත්තේ කුමන රෝගී තත්ත්වයක් ද යන්න සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වාර්තා කර නැති බව කියැවිණි.
නඩුවට අදාළව විත්තියේ නීතිඥවරුන් විසින් විශේෂ අයදුමක් කිරිමට නියමිත බවත් එම නඩුව සුළු මොහොතකින් යළි කැඳවීමට නියමිතය. විරවංශ මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ගන්නා බැවින් අධිකරණයට නොපැමිණියේය.
විමල් විරවංස මහතා අප්‍රේල් 7 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (3) නියෝග කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක එක්කෙනාට ඕන විදිහට නීතිය නමන්න දෙන්න බැහැ.
මෙතුමා සමග තරහක් මගේ නැහැ නමුත් මේ විදිහට නිතිය හැල්ලුවට ලක්වෙන්න දෙන්න බැහැ.
තමන්ගේ මතය වෙනුවෙන් කැපවීමක් කරන්න බැරි දේශපාලකයෝ කොහොමද අන් අයට නායකත්වය දෙන්නේ? කරපු වරද ගැන කතාවක් නැ. අනිත් අයට දඩුවම් නොදීම ගැනයි ප්‍රශ්නය. අනේ මන්ද
හිරේ ඉන්න එක හොදයි කියන්නේ නෑ. ඉතිං රජයේ රක්ෂාවක් කරන පුංචි මිනිස්සු අතින් වරදක් වුනොත් වැඩ තහනම් වෙනවා. අවුරුදු ගණන් විනය පරීක්ෂණ. සමහර වෙලාවට වැටුපෙන් භාගයක් ලැබෙනවා. එහෙම විනයක් රාජ්‍ය සේවයේ තියෙනවා. ඒක එහෙම වෙන්න ඕනේ. ඉතිං මේ වගේ කෝටි ගණන් වල චෝදනා වලට අධිකරණයෙන් දෙන තීන්දු අපි ඉවසන්න ඕනේ තමන්ගේ දේශපාලන පක්ෂයේ නිසා වේදනාවක් සමහරුන්ට ඇති. එහෙත් අපි හැමදේම දේශපාලන කෝණයෙන් බලන්න හොද නෑ.
හිරේ ඉන්න අනෙක් අයගේ දරුවෝ නැද්ද ඒ දරුවෝ අසනීප වන්නේ නැද්ද දරුවා අසනීප නිසා මොහුට ඇප දෙනවනම් අනෙක් සිරකරුවන්ටත් ඇප දෙන්න ඕන නිතිය සැමටම සමාන විය යුතුයි
මේක මාර වැඩක්නේ... මොකද්ද? මේ විශේෂ සැලකිල්ල. හොරකන් කරන්න හොඳයි. නියම දඬුවමනං මන්ත්‍රීකම අත්හිටුවන්නද ඕනෙ... මේ අය වෙනුවෙන් කතා කරන්නත් අය ඉන්න එකනෙ පුදුමේ....
අපි දන්නා විදියට මෙයාගේ දුව අසනීප උනේ මෙයා නොකා හිටිය නිසාලු. දුව ලෙඩවෙලත් මෙයා ඔය කියන උපවාසේ නැවැත්තුවේ නැහැ. එහෙමනම් දුවගේ අසනීපයට වගකියන්න ඕන මෙයාමයි. නීතියට බලපෑම් කරමින් උපවාස කිරීම සහ එමගින් තම දුව අසනීප තත්වයට පත්කිරීම කියල, මෙයාට ඇපදීම කෙසේවෙතත් වෙනම දඬුවමක් දෙන්න ඕන.