IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


විමල්ගේ අල්ලස් නඩුව නොවැම්බර් 02ට කල් යයි

මනෝප්‍රිය  ගුණසේකර
 
ඇමතිවරයෙකු ලෙස කටයුතු කළ වසර හයක කාලය තුළදී සිය වත්කම්  හා  ආදායම් වලින්  උපයාගත  නොහැකි, අල්ලස් මඟින්  උපයාගත් රුපියල් කෝටි 7 1/2කට ආසන්න මුදල් හා දේපළවල හිමිකරුවකුව සිටි බවට චෝදනා කරමින් නිවාස ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්කි වලට අදාළ ලේඛන උපදවා ඇති පරිගණක පරීක්‍ෂා කිරීම සඳහා කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විත්ති පාර්ශ්වයට අද අවසන් වශයෙන් දින ලබා දුන්නේය.

 
මෙම නඩුව විභාග කිරීම සඳහා කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නඩුවේ සාක්කි වලට අදාළ ලේඛන උපදවා ඇති පරිගණක පරීක්‍ෂා කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස විත්ති පාර්ශ්වයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා ඒ සඳහා අවසන් වශයෙන් දින ලබා දුන්නේය.
 
මෙම නඩුව ලබන නොවැම්බර් මස 02 වැනිදා කැඳවීමටද නියම කළේය.
 
මෙම නඩුව අද  කැඳවනු ලැබූ අවස්ථාවේදී හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.
 
2009 වසරේ සිට 2014 වසර දක්වා වු වසර හයක කාලය තුළදී විත්තිකාර හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා රුපියල් කෝටි හත හමාරකට ආසන්න මුදල් හා දේපළ උපයාගෙන ඇති බව අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ  චෝදනා පත‍්‍රයේ  සඳහන් වේ.
 
2009 ජනවාරී මස පළමු වැනිදාත් 2014 දෙසැම්බර් මස 31 වැනිදාත් අතර කාලය තුළදී සිය නීත්‍යානුකූල වත්කම් හා ලැබීම් වලින් උපයාගත නොහැකි රුපියල් 744,80,017/- මුදල් හා දේපළ උපයාගෙන ඇති බවත් එම මුදල් හා දේපළ උපයාගෙන ඇත්තේ අල්ලස් වලින් බවත් අධිචෝදනා පත‍්‍රයේ වැඩිදුරටත් සඳහන් කොට ඇත.
 
මුදල් උපයාගෙන ඇති ආකාරය හා දේපළ උපයාගෙන ඇති ආකාරය දැක්වෙන උපගොනු දෙකක්ද අධිචෝදනා පත‍්‍රය සමඟ අල්ලස් කොමිසම විසින් අධිකරණයට ඉදිරිපත් කොට තිබිණි.
 
ඉදිරිපත් වු කරුණු සළකා බැලූ විනිසුරුවරයා අදාළ නියෝගය නිකුත් කළ අතර මෙම නඩුව ලබන නොවැම්බර්මස 02 වැනිදා කැඳවීමට ද එදින අධිකරණයේ  පෙනී  සිටින  ලෙස විත්තිකරුට ද නියම කළේය.



අදහස් (4)

විමල්ගේ අල්ලස් නඩුව නොවැම්බර් 02ට කල් යයි

kalani Monday, 06 August 2018 01:33 PM

ගරු අධිකරණය සත්‍යය ජනතාවට ඉදිරිපත් කරන තෙක් අපි බලා සිටිමු.

:       8       21

Perera Monday, 06 August 2018 02:00 PM

ඊළඟ නඩුවාරයේදී ඒ පරිගණක ලේඛනවලට වෙන්නේ මොනවද කියලා මට නම් හිතාගන්න පුළුවන්.

:       3       22

Hafeel Monday, 06 August 2018 04:55 PM

අනේ මේ දේශප්‍රේමීට වෙච්ච දේ.

:       0       1

ගයාන් Tuesday, 07 August 2018 12:07 AM

තව අවුරුද්දයි. ඔහොම යං! අනේ ඉතින් අපිටත් අධිකරණයක් තියෙනවනෙ! ගමේ සයිම හිරේ යවන්න.

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site