ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ
පාර්ලිමේන්තුවේ විපක්ෂනායකධුරය ඒකාබද්ධ විපක්ෂයට ලබා ගැනීමේ අරගලය තවදුරටත් ඉදිරියට ගෙන යන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තු සංකිර්ණයේ අද (10) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවේ දී පැවසීය.
එහිදි ගුණවර්ධන මහතා මෙසේ ද කීය.
‘විපක්ෂනායකධුරය ලබා ගැනීමේ අරගලය පරාජය වුණේ නැහැ. අද සිට තමයි එය ආරම්භ කරන්නේ’ යැයි ද කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කීවෙනි අරගලයද? මෙච්චර කාලයක් කලේ අරගලයක් නෙවේද? රට අස්ථාවර කර නැවත බලය ලබාගැනිමනේ මේ සේරගේම ඒකායන පරමාර්ථය. තාත්තගේ නමත් කැත කරන වැඩ මේවා...
හොඳ වැඩේ... නොදුන්න එකම හොඳයි...
රටේ දැවෙන ප්‍රශ්න...
මන්ත්‍රීතුමෝ, පුළුවන් නම් තනියම ඇවිත් ඡන්ද 1000 ක් අරන් පෙන්වන්න. මේක ඔබට ගම්මන්පිලට, තුම්මුල්ලේ විමලේට සහ වාසුටත් එක්කම.
අපේ බෙලිවලට දැන් තොණ්ඩුව වැටිලා තියෙන්නේ. අපි ජීවත්වෙන්නේ බොහොම අමාරුවෙන්. ඔබතුමාලා අපෙන්ම කකා සැපට ඉන්න ගමන් ඔය කරගන්න අරගලයක් අපිට පේන්න නැත. තැනකට ගිහින් කරගත්තොත් නරකද?
විපක්ෂ නායකකම පසෙක තිබියේවා. එක පුටුවකට රුපියල් ලක්ෂ හයහමාරක් වියදම් කරන පළාත් සභාවල සිට ජනතාව වෙහෙසට පත් කරන රජයේ යෝජනා සහ වැඩ පරාජය කිරීම ආරම්භ කරන්න. එවිට ප්‍රබල විපක්ෂය ඔබතුමන්ලා බව අපි පිළිගන්නෙමු.
අරගලය පටන්ගනීවී. හැබැයි පාර්ලිමේන්තුවේ කාලය වසර හතර ඉක්මවූවාට පසුව කියලා තමයි මට හිතෙන්නේ.
‘විපක්ෂ නායක ධුරය ලබා ගැනීමේ අරගලය පරාජය වුණේ නැහැ. අද සිට තමයි එය ආරම්භ කරන්නේ’ යැයි ද කීවේය...
ජනතාවට මොනතරම් ප්‍රශ්න තිබුනත්. මෙව්වා තමයි මෙයාලට තියන ප්‍රශ්න. උදේට පාර්ලිමේන්තුවට ඇවිත් මොකක්හරි මගුලක් කරේදාගෙන බොරුවට ටිකක් කෑ කෝ ගහල අපහු ගෙදර යනවා .. මේකට තමයි ශුද්ද සිංහලෙන් දේශපාලනය කියන්නේ ..
මේ වගේ අයත් ඉන්නවනේ..
මේ රටට, මහජනතාවට අඩු වෙලා තියෙන්නේ මේ ගොල්ලන්ට බලය ලබා දීමයි. මහජනතාව දුක් විඳ විඳ ණය ගෙවාගන්න බදු ගෙවනවා . ඒ අස්සේ රට අස්ථාවර කරන්න මොනවහරි හැමදාමත් පටලවනවා. රටේ කාලය කනවා . ගන්න පඩියටවත් කරන සේවයක් නැහැ සමාජ සේවය පසෙක තබා... ශ්‍රී ලංකාව දුෂිතම රටවල් අතර 4 වෙනි ස්ථානයට පත්කරගැනීමට අව්රුදු ගානක් වෙහෙස මසන්සි වී වැඩ කල සමාජ සේවකයින් සැමටම අපේ ආචාරය .
විපක්ෂ නායකකම ගන්න හදන්නේ අපට ආදරේටද? රට හදන්න අරගල කරනවා වෙනුවට තමුන්ගේ සුඛවිහරණය සඳහා අරගල කරන දේශපාලකයෝ ඉන්න අපූරු රටක් මේක...
ජාතික ඇඳුම ඇඳගත් බටහිර ගැති රදලයින්ට මොන විපක්ෂ නායක ධුරයද..?
හරිම පිළිකුල් සහගතයි. මෙයාලගේ බල තන්හාව - තමන්ට බලය ලැබුණොත් ඇති... රටට හෙන ගැහුවත් කමක් නැහැ.
සන්ධානේ ආණ්ඩු පක්ෂේ ඉන්න කොට ඒකෙන් පාර්ලිමේන්තු ආව කෙනෙකුට විපක්ෂ නායකකමත් දෙන්න පුලුවන්ද ?
මේ අයට ඡන්දෙ දීලා පාර්ලිමේන්තු යවන්නේ මොන කෙන් ගෙඩියකටද? මෙයා ඇතුළු ගම්මන්පිල, තුම්මුල්ලේ විමලේ සහ වාසු නඩේ පාර්ලිමේන්තුව නරා වලක් කරලා තියෙන්නේ. කිසිම වැඩකට නැති තර්ක ගෙනැල්ලා පාර්ලිමේන්තුව විහිලු සපයන තැනක් කරලා තියෙන්නේ. අපේ රට තව තවත් වලපල්ලට යනවා මිසක් කිසිම දියුණුවක් නම් නැහැ.
මට හිතෙන විදිහට නම් ඔහෙලාගෙන් මේ රටට වෙච්ච කිසිම යහපතක් නැහැ. හොරුන්ට ආසනේ බේරා ගන්න සෙල්ලමනේ කරන්නේ. තනියම තරඟ කරන්නකෝ. බැරි නම් විමලේ, ගම්මන්පිල දෙන්නත් එක්ක හවුල් වෙලා`තුන්සරණ` කියලා අලුත් පාටියක් හදා ගන්න. පාර්ලිමේන්තුව ඇතුලේ ඕන එකටයි එපා එකටයි හැල ගෙම්බෝ වගේ පචපච ගානවා විතරයි. මහරගම නගර සභාවත් මහරගම මිනිස්සුට නැතිකරලා කල්ලතෝනින්ට පවරලා දුන්නෙත් ඔබතුමා නේද? ඒක තවත් ලොකු පින්කමක්!