(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)
විපක්ෂනායක ධූරය ඒකාබද්ධ විපක්ෂයට ලබාදීම සම්බන්ධයෙන් තවත් නීතිමය කරුණු දෙකක් ගැන විමසීමට ඇති බැවින් ඒ පිළිබඳ අවසන් තීරණය මෙම සතිය තුළ ලබා දෙන බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවැසීය.
කතානායකවරයා ඒ බව සඳහන් කළේ විපක්ෂ නායක ධූරය ඒකාබද්ධ විපක්ෂයට ලබාදීම සම්බන්ධයෙන් පුරා පැය එක හමාරකට වැඩි කාලයක් පාර්ලිමේන්තුවේ අද පැවැති සංවාදය අවසානයේදී පිළිතුරක් දෙමිනි.
පාර්ලිමේන්තුව ආරම්භයේ නියමිත කාර්යයන් අවසානයේදී නැගි සිටි ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විපක්ෂනායක ධූරය සම්බන්ධව ප්‍රථමයෙන්ම සිය අදහස් දැක්වීමෙන් අනතුරුව ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේද මැති ඇමැතිවරුන් එකිනෙකා පරයා නැගි සිටින්නට වුයෙන් කතානායකවරයා ඔවුන් කතා කිරීම සඳහා අවස්ථා ඉල්ලා නැගි සිටි අනුපිළිවෙළ අනුව සියලු දෙනාටම තම අදහස් දැක්වීමට අවස්ථාව ලබා දුන්නේය.
COMMENTS
දිනේෂ් ගුණවර්ධනගේ විපක්ෂ නායක සිහින මේ සතියේ කඩා වැටෙයී එහෙනම්.
බාලගිරි අද නොවේ.......හෙට.
ඒකාබද්ධ විපක්ෂය නමින් සංධානයක් හෝ දේශපාලන පක්ෂයක් පසුගිය 2015 මැතිවරණයට ඉදිරිපත්වුනේ නැහැනේ.
2015 මැතිවරණ ව්‍යාපාරය වටා මෙරට සුවහසක් ජනතාව පෙළ ගැසුනේ පොදුවේ යහපත් රටක් ගැන සිහින දකිමිනි. ජනාධිපති පොදු අපේක්ෂකයාට එජාපයේ උපරිම සහය සමඟ දේශමාමක ජනයාද කැමැත්ත පල කළහ. ජනාධිපතිවරණයේ උණුසුම සමඟ පැවැත්වූ පාර්ලිමේන්තු මැතිවරණයෙන් එජාපය සරල බහුතරයක් හෝ නො ලබත්දී පරාජිත ජනාධිපතිවරයාගේ ජනප්‍රියතාවය සුළු පසුබෑමක් බව පැහැදිලි විය. එජනිස කොටසක් සමඟ 'ජාතික ' රජයක් ගොඩනැගීම සමග 'ඒකාබද්ධ' විපක්ෂය බිහි විය.එක්ව පැමිණි කණ්ඩායමක් දෙකට බෙදුණු පසු කොටසකගේ සුජාතභාවය පිළිබඳ ප්‍රශ්න කිරීම බුද්ධිමත් තීරණයක් නොවේ. විපක්ෂ නායක ධුරය දෙමල සන්ධානය වෙත පිළිගැන්වූයේ එම සුජාතභාවය ප්‍රශ්න කිරීම නිසාය. එකාබද්ධයේ 70 ට එහි නිත්‍යානුකුල බලය යළි ලබා ගැනීම ඉතා පහසුවෙන් කල හැකිව තිබියදී පාර්ලිමේන්තුවේ අනියම් කණ්ඩායමක් ලෙස තවදුරත් පැවතිය යුතු නැත. විපක්ෂ නායකකම සඳහා එම උත්සාහය යොදා නොගෙන රතු පලස මත උපවාස කිරීමෙන් ප්‍රයෝජනයක් නැත. .