(වඳුරඹ සිරිනිහාල් ගමගේ)
සවුදි අරාබියේදී ඝාතනයට ලක්වූ කාන්තාවගේ නිවසට පැමිණි අමාත්‍යවරුන්ට නිවැසියන් සානුකම්පිතව කරුණු පහදා දුන් අතර ඝාතනයට ලක්වූ කාන්තාවගේ ඥාති සොහොයුරන් ගෙන් අභියෝගයක් එල්ල විය.
සවුදි අරාබියේ ගෘහ සේවයේ නියැලී සිටියදී ඉකුත් 10 දින සිය හාම්පුතාගේ වෙඩි ප්‍රහාරයට ලක්වී මියගිය බවට පැවසෙන වඳුරඹ ,කටබුරාව ,අබේසුන්දර වත්ත.ලිපිනයේ පදිංචිව සිටි තිදරු මවගේ සැමියා හා දියණියන් වාසය කරන නිවසට ඉකුත් 17 දින පැමිණි විදේශ රැකියා හා විදුලි සංදේශ හා ජිඩිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහහා හා විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ඔවුන්ගේ සුව දුක් විමසා අවශ්‍ය සියලුම පියවර ගෙන ඉක්මනින් දේහය ගෙන්වා දීමටත් කළහැකි උපර්මයෙන් එම පවුලේ දියුණුව හා දරුවන්ගේ අනාගතයට අධාල කියාමාර්ග ගැනීමටත් පොරොන්දු විය.
මෙම අවස්ථාවේදී ඝාතනයට ලක්වූ ප්‍රියන්තා මහත්මියගේ සැමියා හා දරුවන් තමන් මුහුණු දී ඇති ගැටළු සාමකාමිව පෙන්වා දුන් අතර ඌරල ශ්‍රී ක්ෂේත්‍රාරාම සුමංගල පිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති හා ගා/ඌරල කනිටු විදුහලේ නියෝජ්‍ය විදුහල්පති ඌරල චන්දිම හිමි එම කරුණු මනා අවබෝදයට ලක්වන පරිදි අමාත්‍යවරුන් දැනුවත් කළේය.
මෙම අවස්ථාවේදී තම ඥාති සොයෝරියගේ ඝාතනය ගැන කලකිරි සිටි කිහිප දෙනකු අමාත්‍යවරුන් අමතා තවත් සතියක් ඇතුලත මෘත දේහය ගෙනවිත් නොදුන්නොත් ගම්වල පිරිස් සමග එක්ව වඳුරඹදී උත්ඝෝෂණ කරන බවට පැවසීම නොරිස්සවූ හරින් ප්‍රනාන්දු අමත්‍යවරයා කියා සිටියේ තමන් හා නියෝජ්‍ය අමාත්‍ය වරයා අතුලු සියලුම නිලධාරින් නොපිරිහෙලා සියලුම කටයුතු කරමින් සිටියදී මෙලෙස අභියෝග කිරීම නොකළයුතු බවයි.
තවද අමාත්‍යවරයා කියා සිටියේ තමන් අභියෝග වලට නම් භිය නොවන බවත් කොහෙවත් සිටින අරාබි ජාතිකයින් වෙනුවෙන් පෙනී සිටීමට හෝ වෙනත් අවශ්‍යතාවයක් සදහා නොපැමිණි බවත් තමාගෙන් හා අමාත්‍යාංශයෙන් ඉටුවියයුතු සේවාව ඉටු කිරීමට මේ වනවිටද කටයුතු කර වැඩි දුරටත් සොයා බැලීමට පැමිණි බවයි.


COMMENTS
හාදයා රඟපාන්න ලෑස්තිවෙලා.. "රටටම" අඬබෙර ගහලයි ගිහින් තියෙන්නේ. "පාට පාට" කැට තියාගෙන ඉදිරියෙන් කතා කරන්නේ.. අනේද කියන්නේ?
අා... මේ අපේ ගූගල් හරීන්නේ. මෙයා කියන දේවල් කව්ද අනේ ගණන් ගන්නේ. මෙයා වැඩ බැරි ටාසන් කෙනෙක් විතරයි. හැබැයි ඉතින් මුස්ලිම් මිනිස්සුන්ට නම් පණ ඇරල වැඩ...
පාලකයින්ව ජනතාවට විශ්වාස නොමැති නිසයි මෙහෙම දේවල් වෙන්නේ. යහපාලනයේ කරන කියන දේවල් මුලසිට අගටම දන්නා ජනතාව යහපාලනයේ නියෝජිතයින් ප්‍රතික්ෂේප කිරීම ස්වභාවිකයි.
අහක යන බෝලවලට හයේ පාරවල් ගහන්න ගිහිල්ලා ගමම කන්න නම් හරිම දක්ෂයෙක් තමා...
පිලිපීන ජාතිකයෙකුට මෙහෙම දෙයක් වුනා නම් බලන්න තිබුණා. එහෙ ජනාධිපතිගේ වැඩ ටික. රටේම ඉන්න පිලිපීන ජාතිකයින්ව වහාම ගෙන්න ගන්නවා. කෝටි ගාණක වන්දියකුත් එක්ක. ඒකට අපේ අය...
මේවට තමයි මාධ්‍ය සංදර්ශන කියන්නේ... වැඩිය තේරුම් ගත්ත කෙනෙක් බකට් එක පෙරළුවා. දැන් නාගෙන යන්නකෝ...
ඔය කාල තියෙන්නෙ හොඳ කෑමක් .
අනේ කාලේ වනේ වාසේ කීවලු.
හෑමෝම දන්නවා හැම එකම උගුරට හොරාම බෙත් බොනවා කවද්ද අපි මේ අයට එරෙහිව එක්වෙන්නේ....
මිනිස්සු හරිනෑ කියන ඒවා ගණන් ගන්නේ නැහැ. මෙයානේ කිව්වේ නිව්සීලන්ඩ් රග්බි කෝච්ලා ගෙන්නලා ලංකාවේ රග්බි දියුණු කරනවා. ගූගල් දෙනවා. අනේ ඉතින් මේවා බොරු පොරොන්දුනේ. ඉතින් මිනිස්සු හරිනම් කියන ඒවා විශ්වාස කරයිද?
ඉක්බාල් මස්කට් මයා වෙත, ඔබගේ අදහස් වලට ගරු කරන්නෙමු, මෙහිදී අප විසින් "කිසිදු අසීලාචාර වචන බාවිතා කර නොමැති" බවට පළමුව සඳහන් කිරීමට කැමැත්තෙමු. දෙවනුව පිදිය යුතු මහත්මා ගතිගුණ ඇති, මනසින් උසස් තැනැත්තාට "මහත්මයා" කීමට අප කිසිවිට පසුබට නොවන්නෙමු. ඔහු රතුද, කොළද, නිල්ද අපට නම් අදාලම නැත. එමෙන්ම "මී හරකාට" එසේ මී හරකා (එම හරකා රතුද, කොළද, නිල්ද අපට අදාලම නැත) කීමටත් අප නම් "කිසිදු බියක්" නැති බවත් දැන්වීමට කැමැත්තෙමු. අවසාන වශයෙන් කිසිවකු හොඳ දෙයක් කලේනම් (අපගේ මවුබිම වෙනුවෙන් කලේ නම්, පුරවැසියන් වෙනුවෙන් කලේ නම්) එය අගය කිරීමටත් හොඳ යන්න පැවසීමටත් අප නම් කුහක නොවන්නෙමු. මෙම අදහස් වලින් ඔබට යම් අපහසුතාවයකට පත්වුණි නම් අප කණගාටු වන්නෙමු.
විදේශ සේවා වලට යන අපේ කාන්තාවන් නතර කළයුතු තැනට ඇවිත් තියෙන්නේ.. මේකට පවතින රජයත් අපේ පෙර සිටි සියලුම රජයන් වගකීම බාරගත යුතුයි. ඊට පස්සේ වගකීම බාරගත යුතු වන්නේ.. ඒ කාන්තාවන්ගේ පුරුෂයන්... මම නම් දකින්නේ. ඒ පිරිමි නෙමෙයි... නැත්නම් තම බිරිඳ යවාවිද? පිටරට ගෘහ සේවයට තමාගේ බිරිඳව පිටරට යවලා හම්බ කරගෙන කන ..පවුලේ අයටත් හොඳ පාඩමක්.. ඔක්කොම වුණාට පස්සේ... රජයට බැනලා මොකටද?
මට නුවරදී අහුවුණා නම් "මස්කට්" කවනවා ඉස්මුරුත්තෙටම එන්න...
ඇමතිතුමාටත් නිකන් ඉන්න බැහැනේ... සල්ලි හොයන්න රට ගිහින් මළා නම් ගෙදර අය දැනගන්න ඕනෑ... ඉතිරි ටික කරගන්න. මොකද මෙයා හම්බ කරපුවා රටේ මිනිසුන්ට බෙදලා දුන්නද? නැහැනේ.. ගෙදරටනේ එව්වේ, මෙයාලා හිතන්නේ ඇමතිතුමා අරාබියට ගිහින් මිනිය ගේන්න ඕනෑ කියලා, ඔන්න බම්බු ගහ ගන්න කියලා ඉන්න තියෙන්නේ...