( හේමලතා ඞී හේවගේ)
කුරුණෑගල - මීගමුව ප‍්‍රධාන මාර්ගයේ කොස්ගස් හංදියේදී අද (30) යතුරුපැදියක් හා වෑන්රථයක් ගැටී යතුරුපැදියේ ගමන්ගත් යුවලක් බරපතල තුවාල ලබා දඔදෙණිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පන්නල පොලීසිය කියයි.
අනුරාධපුරේ පැවති පිච්ච මල් පුජාවට සහභාගී වූ පිරිසක් රැගෙන ගිරිඋල්ලේ සිට පන්නල දෙසට ගමන්කර ඇති වෑන් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබේ.
වෑන් රථයේ රියදුරට නින්ද යාමෙන් මෙම අනතුර සිදු වූවාද යන්න සම්බන්ධයෙන් සොයා බලන බව පොලිසිය කියයි.වැන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිසිය පවසයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රිය ධාවනයේදී නින්ද යාම නොසැලකිලිමත් රිය ධාවනය යන වරද ගණයට ඇතුලත් කල යුතුය. තමන් බීමත්ව සිටී නම් රිය ධාවනය නොකල යුතුවාක් මෙන් තමන්ට නිදිමත දැනේ නම් රිය ධාවනය නොකල යුතුය. එසේ කිරීමෙන් අහිංසක ජීවිත විනාශ කිරීමට රියදුරන්ට ඉඩ නොදිය යුතුය.