IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


විනිසුරුට වෙඩි තැබුවේ හිටපු කොටි සමාජිකයෙක්දැයි සැකයක්

(රොමේෂ් මධුෂංඛ)

යාපනය මහාධිකරණ විනිසුරුවරයාගේ ආරක්ෂක නිලධාරීන්ට වෙඩි තැබුවේ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු බවට පොලිස් විමර්ශන කණ්ඩායම් සැක පළකරන බවත් ප්‍රධාන සැකකරුගේ ඥාතීන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බවත් යාපනය පොලීසිය පවසයි.

මෙසේ  අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රධාන සැකකරුගේ වැඩිමහල් සොහොයුරකු හා තවත් ඥාතියකු වන අතර මේ වන විට ඔවුන්ගෙන් ප්‍රධාන සැකකරු පිළිබඳව වැඩි දුර ප්‍රශ්න කරමින් සිටින බවට වාර්තා වෙයි.

යාපනය පොලීසිය, රහස් පොලීසිය ඇතුළු පොලිස් විමර්ශන කණ්ඩායම් කිහිපයක් මේ වන විට අදාළ වෙඩි තැබීම කරන ලද පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු රැසක් සොයාගෙන ඇතැයි කියති.
 
වෙඩි තැබීම සිදු කළේ යැයි සැක කෙරෙන පුද්ගලයා වෙඩි තැබීමට පෙර නල්ලූර් කොවිල අසල ත්‍රී රෝද රථ ගාලේ සිටි රියදුරන් සමගද ආරවුලක් ඇති කරගෙන ඇති අතරම එම පුද්ගලයා බීමතින් සිට ඇති බවටද කරුනු අනාවරණය වී ඇත.

මෙම සැකකරු යාපනය පුන්කුඩතිව් ප්‍රදේශයේ පදිංචිකරුවකුද වන අතර පුන්කුඩතිව් විද්‍යා ඝාතනයේ ප්‍රධාන සැකකරුවකු වූ ස්විස් කුමාර් නැමත්තා සමග සමීප ඇසුරක් පවත්වා ඇති බවටත් අදාළ නඩුව විභාගය කරන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ මානික්කවාසගර් ඉලංචේලියන් මහතාද සිටීම නිසා මෙම වෙඩි තැබීම සිදු කරන්නට ඇතැයි ද යාපන පොලීසියට තොරතුරු ලැබී ඇත.



අදහස් (4)

විනිසුරුට වෙඩි තැබුවේ හිටපු කොටි සමාජිකයෙක්දැයි සැකයක්

සෙනෙවි Sunday, 23 July 2017 02:20 PM

ඉතින් කොහොමද පොලිසියම කියන්නේ මේක අහඹු සිදුවීමක් කියල

:       0       1

chandra Sunday, 23 July 2017 04:26 PM

සංහිදියාව නැති වෙයි

:       1       5

wedge Monday, 24 July 2017 04:34 AM

සැක කරන්න දෙයක් නෑ... බීමත්ව ඉඳලත් වෙඩි තියලා තියෙන හැටි...

:       0       7

kumar (galf) Monday, 24 July 2017 11:02 AM

වෙන කවුද ඉතින් කොටියෙක් නැතිව, යාපනේ ගොවියෙක්? තාම කොටි නිදි නෑ, බලාගෙන ඉන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 976 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site