(සටහන සහ ඡායාරූප - වියලූව වාර්තාකරු - නිශාන්ත කුමාර)
බදුල්ල කලුගහකදුර මාර්ගයේ කලුගහකදුර කප්පරගල ප්‍රදේශයේ දී අද (02) උදෑසන 10.00 ට පමන එම මාර්ගයේ ගමන් ගත් වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට ධාවනය වී ඒ අසල වූ අඩි 40ක පමණ ප්‍රපාතයකට පෙරළිමෙන් එහි ගමන් ගත් හයදෙනෙකු තුවාල ලබා මීගහකිවුල රෝහලට ඇතුලත් කල අතර අසාධ්‍යය තත්වයේ පසුවූ දෙදෙනෙකු බදුල්ල පළාත් රෝහල වෙත මාරුකර කවා ඇතැයි පොලීසිය පවසයි.
පිටමාරුව ප්‍රදේශයේ පදිංචි මිතුරෙකුගේ නිවසක පැවැති උත්සවයකට සහභාගී වී ආපසු නිවස් බලා යමින් සිටි පනාගොඩ ප්‍රදේශයේ පිරිසක් අනතුරින් තුවාල ලබා ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථය තුල දස දෙනෙකු ගමන් ගත් බවත්, වෑන් රථය පල්ලම බසිද්දී එක්වරම තිරිංග ක්‍රියා විරහිතව මාර්ගයෙන් ඉවතට ධාවනය වී වට කීපයක් පල්ලමට පෙරලී ගසක හැපී නතර වූ බවත් එහි සිටි තුවාල කරුවෙකු පැවැසිය.
කන්දකැටිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.


2025 දෙසැම්බර් මස 18
583
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
286
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෑන්රිය පෙරළී 6 ක් තුවාල ලබති