(නිමල කොඩිතුවක්කු)
තමන්ට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග ගන්නා බවට එක්සත් ජාතික පක්ෂයෙන් මෙතෙක් කිසිදු දැනුම් දීමක් සිදු කර නැතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ කොළඹදී පැවැසූහ.
විනය ක‍්‍රියාමාර්ග ගන්නා බවට දැනුම් දීමක් සිදු කළහොත් ඒ සදහා උත්තරයක් දීමට තමන් සූදානමින් සිටින බවත් උන්වහන්සේ සදහන් කළහ.
රාජගිරිය සදහම් සෙවන බෞද්ධ මධ්‍යස්ථානයේදී අද(01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අතුරලියේ රතන හිමියෝ මේ බව පැවැසුහ.
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන අතුරලියේ රතන හිමියන්ට සහ ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් විනය පරීකෂණයක් ආරම්භ කර ඇති බව එම පක්ෂයේ නීති ලේකම් ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා පසුගියදා පැවැසීය.

(ඡායාරූප හා විඩීයෝ - ශාන්ත රත්නායක)
COMMENTS
ලජ්ජා නැද්ද ඔය වගේ කාලෙන් කාලෙට එක එක පක්ෂවලට ගිහින් රටට හරි තමන්ට හරි තඹ සතේක වැඩක් නැති ප්‍රකාශ කර කර කාලේ කන්න.
සියලු දේ පමා වෙලා කරන්නෙ. මේ අාණ්ඩුවේ නායකයො ගොඩයි.නව සන්ධානයත් නායකත්ව මණ්ඩලයක් .
එජාපයේ ජාතික ලැයිස්තුවෙන් ඇවිත් එජාපයට බැන බැන ඉන්නේ නැතිව අයින් වෙලා යන්නකෝ... අප්‍රසන්නයි මේ වගේ මුහුණු දකිද්දීත්.
තමන් පිළිබඳව පමණට වඩා අධි තක්සේරුවකින් කටයුතු කළ අයට අත්වූ ඉරණම ඉතිහාසය විසින් පමණක් නොව අනාගතය විසින්ද සාක්ෂි දරනු ඇත.
සංඝ විනයට මුල්තැන දීලා ඉල්ලා අස්වුණා නම් වැදගත්...
අර පැලෝපීය නාලවල තත්වය කොහොමද දැන් ? කීප දෙනෙක් ගැබ් අරගෙන කියනව නේද ? ඔහේ සත්‍යක්‍රියාවක්වත් කලැයි ?
බුදුන් වහන්සේ බික්ෂුන්ට පනවා ඇති 227 ක් වූ ප්‍රාතිමෝක්ෂ ශීලයෙන් කීයක් රකිනවාද ?
දැනුම් දෙනකම් ඉන්න ඕන නැනේ. පක්ෂේ ඉඳගෙන බලුවැඩ කරන එක සාසනේ ඉඳගෙන සාසනේ නැතිකරනවා වගේ වැඩක්. කරන කෙනෙක්ට කරගන්න දීලා, ඔය පින් මන්ත්‍රීකම දීලා යන්න.
ගිහියන් සඟුන් විනයේ පිහිටුවයි? මම හිතන්නේ මට අංගොඩ යන්න කාලේ හරි.
බුද්ධ ශාසනයට මේ සංඝයා වහන්සේ මේ දක්වා කරපු සේවය දකින කොට මේ වහන්සේ නම් රහතුන් වහන්සේ කෙනෙක් කියලයි මට හිතෙන්නේ...
වාසි පැත්තට පැන පැන හැමදාම පාර්ලිමේන්තු ඉන්න උස්සහයක් නේද කරන්නේ