හර්ෂණ තුෂාර සිල්වා
රටක අනාගතය පිළිබඳ බලාපොරොත්තු තැබිය හැක්කේ එම රට විවිධ ක්ෂේත්‍රවලින් පෙන්වන පරිණත බව අනුව යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (12) කොළඹදී ප්‍රකාශ කළේය.
අධ්‍යාපනය, දැනුම, කුසලතා සහ උගත්කම මෙන්ම රටක් විවිධ අංශ හා විෂය ක්ෂේත්‍රවලින් පෙන්වන පරිණත බව එම රටේ අනාගතය තීරණය කරන බව ද ජනාධිපතිවරයා කීය.
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම කරුණු කීය.
දැනුම සහ උගත්කම මුල් කරගත් රටකට ඉදිරියට යෑම නව තාක්ෂණික ලෝකය බෙහෙවින් උපකාරී වන බව කී ජනාධිපතිවරයා දැනුම මුල්කරගත් සමාජයක් ගොඩනැගීමට කැපවීම අද දවසේ අප සියලුදෙනාගේ වගකීම යැයි ද එහිදි පැවැසීය.
එහිදි තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද කීය.
“තරගකාරීත්වය තිබෙන්නේ දැනුම තිබෙන සමාජ තුළයි. එම නිසා දැනුමෙන් හා නවෝත්පාදනවලින් සමන්විත කුසලතා පිරි සමාජයක් ගොඩනැගීමේ අභියෝගය සහ වගකීම් අප සතුව තිබෙනවා. එම ඉලක්ක සපුරාගැනීමට අපි විනයගරුක පරපුරක් විනයගරුක සමාජයක් ඇති කළ යුතුයි. උගත් හා බුද්ධිමත් වුවත් විනයගරුක නොවීම ඇතැම් විට ඉස්මතු වෙනවා. එම නිසා විනයක් ඇති උගතුන් බිහි කිරීමට වගේම එම උගතුන් විනයගරුක සමාජයක් බිහි කිරීමට ඇප කැපවීමද සිදු විය යුතු” යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කීවේය.
ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි



COMMENTS
බොහොම හොඳ අදහසක්.
විනයක් ඇති උගතුන් බිහි කිරීමට නම් මේ සමාජ ක්‍රමය වෙනස් කළයුතුව ඇත.
මොනවටද? තමන්ගේ කැබිනට් එක වත් විනයක් තිබෙන බුද්ධිමතුන්ගෙන් හදාගන්න බැරි එකේ කොහේ රටක් හදන්න ද?
අපි දේශපලග්ගෙන්ම පටන ගමු නේද?
අද හැමෝම මුදලට යටවෙලා . ලංකා සමාජය මුදලට, බලයට ගරු කරන්න පුරුදුවෙලා, එයට හේතුව රට හදන තැනට යන්නේ සල්ලි පෙන්නලා.......තව හම්බ කරන්න. සල්ලි තියනවනම් ජනාධිපති වෙන්නත් පුළුවන් මානසිකත්වයෙන් තමයි සමාජය පුරුදුවෙලා තියෙන්නේ . කතිරය ගහන්නේ මුදලට, උගතුන් බිහිවුනාට මුදල් නැතිනම් ගණන් ගන්නේ නැහැ. හොද වාහනයක් තියනවනම්, තට්ටු දෙකේ සුපිරි ගෙයක් තියනවනම් අන්න මහත්තය. අන්න රජා. මේ හේතුවෙන් උගතුන් මුදලට යටවෙලා නුගතුන් වෙනවා . අපිට දැන් මේකෙන් ගැලවෙන්න පුලුවන්ද ගරු ජනාධිපති තුමනි. ඒ නිසා උගතුන් ළං කර ගන්න , දුෂිතයන්ගෙන් අයින් වෙන්න. රට ගැන හිතමු . ඔබට ජය!
එහෙමනම් මුලින්ම අවම සුදුසකම අ.පො.ස සා.පෙළ සමත්, විනයගරුක දේශපාලකයින් පිරිසක් ඇති කල යුතුයි.
උගත්, බුදධිමත් අයයි., අනෙක් අයයි සේරම එකයි. දැන් අවශ්‍ය වී ඇත්තේ හොඳ යහපත් අනෙක් අයගේ අදහස් වලට ගරුකරන, උගතුන්ගේ, බුද්ධිමතුන්ගේ පමණක් නොව සැමට එකසේ සලකන සියලුම දෙනාගේ නායකයෙක්....
පටන් ගම්මුද විනයක් තියන අයට විතරක් නොමිනේෂන් දෙන්න? එතකොට අනිත් තැන්වල විනය හදන එක අමාරු නෑ.
අර රුසියන් යුධ නැව අරගෙනම විනය ආරක්ෂා කරමු.
“තරගකාරීත්වය තිබෙන්නේ දැනුම තිබෙන සමාජයක් තුළයි. " දැන් එතකොට ඔබතුමා ඔය තරඟකාරීත්වය කියලා කියන්නේ දැනුම ලබාගන්න තියෙන තරගයද? නැත්නම් මුදල් හොයන්න තියෙන තරගයද? ඔය මොන විනයෙනුත් මොන උගත්කමෙනුත් වැඩක් නැහැ. මුදල් හොයන්න තරඟයක් තියෙනවා නම්. දැක්කනේ මහබැංකු හොරකම .. ඕක කලේ නුගත්තු නෙමෙයිනේ ..
කොන්දක් ඇති, පත්තරෙන් විතරක් විස්තර නොදකින, හොරෙක් නොවන, හොරුන් ආරක්ෂා නොකරන ජනාධිපති කෙනෙකුන් බිහිකරමු.