IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


වනාතවිල්ලුවේ ඉන්සී සමාගමට අයත් ඉඩම් වල අනවසර පවුල් 500 ක්

(විනීතා එම් ගමගේ)

සිමෙන්ති සංස්ථාව විසින් ඉන්සී සිමෙන්ති සමාගමට බදු දී ඇති වනාතවිල්ලුවේ අරුවක්කාරු ප්‍රදේශයේ රජයේ ඉඩම් අක්කර පන්දසකට අධික ප්‍රමාණයේ 500 කට ආසන්න පිරිසක් අනවසරයෙන් පදිංචිව ඇතැයි විශ්වාස කරන බව ලංකා සිමෙන්ති සංස්ථාවේ සභාපති නීතිඥ ගාමිණි ඒකනායක මහතා ප්‍රකාශ කළේය.

ඔවුන් සියලු දෙනා ඉවත් කිරීමට නීතිමය පියවර ගන්නා බවත් යළිත් කිසිවෙකුටත් අනවසරයෙන් එසේ පදිංචි වීමට නොහැකිවන පරිදි වැඩපිළිවෙලක් සකස් කරන බවත් ඒකනායක මහතා කියා සිටියේය.

රජයේ ඉඩම් අත් පත් කරගැනීමේ පනත යටතේ මහෙස්ත්‍රාත් උසාවියේ නඩුවක් පැවැරීමෙන් මෙම අනවසර  පිරිස් ඉවත් කළ හැකි වනු ඇතැයි ද හෙතෙම කියා සිටියේය.

කෙසේ වෙතත් සිමෙන්ති සමාගම සතු වගකීම් ද පැහැර හැර ඇතැයි පෙනී යන බව කී ඒකනායක මහතා සිමෙන්ති සංස්ථාව ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද කීය.

හුණුගල් කැණීම සඳහා 1980  දී සිමෙන්ති සමාගමට බදු දී ඇති මෙම ඉඩම් 1998 දී වසර 50 ක බද්දට යළිත් පවරා ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

අනවසරයෙන් පදිංචිව සිටින්නන් කවුද යන්න පිළිබඳව මේ වනවිට අධ්‍යයනයක් සිදුකෙරමින් පවතින බවත් අනවසර පදිංචිකරුවන් හඳුනාගැනීමෙන් පසු ඔවුන් ඉවත් කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කරන බව කී ඔහු මේ සම්බන්ධව කටයුතු කිරීම සඳහා ස්ථිර කමිටුවක් පත්කිරීමට කටයුතු කරන බව ද පැවැසීය.

ඒ අනුව ඉදිරියේ දී යම් අනවසර ඉදිකිරීමක් කරන අවස්ථාවක ඒ පිළිබඳව වහාම ක්‍රියාත්මක වීම එම කමිටුව විසින් කරනු ඇතැයි  ඒකනායක මහතා තවදුරටත් කියා සිටියේය.

සිමෙන්ති සංස්ථාවේ සභාපතිවරයා මේ අදහස් පළ කළේ මධ්‍යම පරිසර අධිකාරියේ අද (10) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 

 

 

 

 



අදහස් (2)

වනාතවිල්ලුවේ ඉන්සී සමාගමට අයත් ඉඩම් වල අනවසර පවුල් 500 ක්

Akila Thursday, 10 September 2020 02:16 PM

දැන් ඉතින් ඔය කට්ටියව අයින් කරන්න ගියාම කියයි අපි අවුරුදු සිය ගණනක් තිස්සේ මෙතැන තමයි හිටියේ කියලා..

:       0       0

සමන්-ඕමානය Friday, 11 September 2020 03:33 AM

ඔය පළාතේ පසුගිය කාලයේ විශාල වශයෙන් සංවිධානාත්මකව ඉඩම් කොල්ලයක් සිදුවුණා. එක්තරා ජන කොට්ඨාශයක දේශපාලන හා ආගමික අනුග්‍රහයෙන්. මෙය විල්පත්තු වන සංහාරයට සමගාමීව කෙරුණු දෙයක්. එම රජය නිහඬව ඇස් කන් වසාගෙන එයට ඉඩදීගෙන සිටියා. මෙය වහාම නිවැරදි කළයුතුයි. ඔවුන් හට වෙනම නීතියක් නෑ. රටේ පොදු නීතියට ඔවුන් අවනත විය යුතුයි. ජනපතිතුමාගේ විශේෂ අවධානයට ලක්විය යුතුයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 64 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 859 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site