අජිත්ලාල් ශාන්තඋදය
ලෝක උරුම සිංහරාජ වනාන්තරයේ වෙසෙන වන අලි දෙදෙනා සිංහරාජ වනාන්තරයෙන් ඉවත් නොකරන ලෙස වනජීවී අමාත්‍ය මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අද (17) නියෝග කළ බව වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල් එම්.ජී.සී. සූරියබණ්ඩාර මහතා පැවසුවේය.
මෙම වනඅලි දෙදෙනා සිංහරාජ වනාන්තරයෙන් ඉවත් නොකරන ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පසුගිය සිකුරාදා (15) නියෝග කළ ද, ඇමැතිවරයා එම නියෝගය නොතකමින් අලි දෙදෙනා ඇල්ලීමේ කටයුතු සිදු කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දී තිබිණි.
ඒ අනුව සිංහරාජය බලා විශේෂ නිලධාරීන් කණ්ඩායමක් අලි පැටවීමට ගන්නා ලොරියක්, කඹ, දම්වැල් ආදී උපකරණ ආදිය ද රැගෙන ගොස් ස්ථාගත විය. වනජීවී දෙපාර්තමේන්තුවේ පශූ වෛද්‍යවරුන් අලියා නිර්වින්දනය කිරීමේ කටයුතුවලට පැමිණ නොසිටියහ.
ඒ වෙනුවට ශ‍්‍රීලංකා ගුවන් හමුදාවේ පශූ වෛද්‍යවරු කිහිපදෙනෙක් අල්ලන මෙහෙයුමට සහාය පිණිස පැමිණ සිටියහ. ජනාධිපතිවරයාගේ නියෝගය කෙසේ වුවත් මහජනතාවගේ ආරක්‍ෂාව පතා මෙම අලි දෙදෙනා අල්ලා වෙනත් ප‍්‍රදේශයකට ගෙන යාමේ තීරණය වනජීවී ඇමැතිවරයාගේ ස්ථාවරය විය.
ඒ අනුව අලි දෙදෙනා සිටින ඉසව්ව සෙවීමේ කටයුතු සහ අලි දෙදෙනා ඇල්ලීමේ කටයුතු ජනාධිපතිවරයාගේ නියෝගය නොතකමින් ඇමැතිවරයාගේ නියෝගය තම වනතුරුත් සිදුවිය.
සිංහරාජ වනාන්තරයට නොදුරු රඹුක ප‍්‍රදේශයේදී අලි දෙදෙනා ගෙනයාමට එරෙහිව, ප‍්‍රදේශවාසීන්, පරිසරවේදීන්, සහ වෙනත් වෘත්තිකයන්ගේ ද සහභාගිත්වයෙන් විරෝධතාවක් පැවැත්වීමට සංවිධානය වෙමින් තිබිණි.
ඒ අතරතුර වනජීවී ඇමැති සරත් ෆොන්සේකා මහතා වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල් එම්.ජී.සී. සූරියබණ්ඩාර මහතාට දන්වා තිබුණේ අලි දෙදෙනා ඇල්ලීමේ කටයුතු වහාම අත්හිටුවන ලෙසයි.
මේ සම්බන්‍ධව වනජීවී දෙපාර්තමේන්තුවේ ඌව සහ දකුණු පළාත් සහකාර අධ්‍යක්‍ෂ ප‍්‍රශාන්ත විමලදාස මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ඇමතිවරයා දුන් නියෝගය අනුව අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ උපදෙස් මත සිංහරාජයේ වනඅලි දෙදෙනා ඇල්ලීමේ කටයුතු නවතා දැමූ බවයි.
COMMENTS
විධායක බලතලවලට පින් සිද්ධ වෙන්න සිංහරාජය දැනට බේරුණා.
2010 ලංකාවේ හොඳ වේලාවට සරත් ෆොන්සේකා (මහත්තයා) ජනාධිපති නොවුණේ...
ෆොන්සේකාගේ පළමු සිවිල් නියෝගයම ලත් තැනම ලොප් වුණා.
එහෙමනම් මහත්තයෝ කලවැද්දෙක්වත් අල්ලන්න බලමු.
දෙන්නයි හිතුවේ කලවැද්දන් අලින්ටම... මානය වැරදුනා විධායකය හිටිය නිසා.... දැන් මක් කරන්නද මගේ ගොන් ඇමතිකම.... ගන්නවා විධායකයම සැමදේ දීල මෙය...
වෙල් විදානෙ දන්නේ ඔය වගේ වැඩ තමයි.
මේක මහවිනාශකාරී මෝඩ තීන්දුවක්... සිංහරාජයේ ජීවත්වෙන්නේ වැසි වනාන්තර හා උප කඳුකර තෘණ භූමියකට හැඩගැසුණු අලි ගහණයක්. මොවුන් මේ පරිසර පද්ධතියටම අයිති එහිම කොටසක්... මොවුන් මෙයින් ඉවත්කර වියළි කලාපීය වනයකට ගෙන ගියොත් බොහෝම ඉක්මණින් මේ සතුන්ගේ විනාශය සිදුවේවි. මොකද මේ සතුන් අනුවර්තනය වී ඉන්නේ තෙත් කලාපීය පරිසරයකට... ඇත්තටම අපේ රටේ ඇමතිවරුන්ට සරල සත්ව විද්‍යා දැනුමක්වත් නැද්ද? මේ සතුන්ගෙන් මිනිසුන්ට කරදරයක් නම් ඒකට කරන්න ඕන මේ සතුන් ඉවත් කිරීම නොව මිනිසාගේ ආරක්ෂාව පිණිස ගත හැකි වෙනත් ක්‍රියා මාර්ග ගැනීමයි. කොහොමත් මේ සතුන්ගෙන් තර්ජනයක් වෙන්නේ හොරෙන් කැලෑ කපන, අනවසර ලෙස රක්ෂිතය තුළ ගෙවල් හදන, රක්ෂිතය කපා තේ වතු හදන, රක්ෂිතය තුළ අනවසරයෙන් රා පෙරීම වැනි දහදුරා වැඩ කරන මිනිස් තිරිසනුන්ට විතරයි. අවුරුදු දහස් ගණනක් තිස්සේ මේ අලි ඇතුන් බුලුතොට-රක්වාන, පනාමුර සිංහරාජ ප්‍රදේශවල දිවි ගෙව්වා. මේ ඒ අයගේ භූමියයි.. ධනයටත් එකිනෙකා පරයා නැගීසිටීමට කැමති මිනිසා අලින්ට අයත් මේ අඩවියට ආවේ මෑතකදීය. ඔවුන් පනාමුරය විනාශ කළා.. රක්වාන සිංහරාජයෙන් වෙන් කළා.
ඔයිට වැඩිය හොඳයි නේද සිරිකොත අලි ටික අල්ලලා බේරේ වැවට දැම්මා නම්... ඊට පස්සේ ඔබත් පැන්නා නම් හරි. මොකද උන් මේ රටම වනසනවා.
මෙයත් ඉතින් මොනවා හරි විකාරයක් කරලා ජනප්‍රිය වෙනවා...
මේක පත්තරෙන් දැක්ක ගමන් ජනාධිපතිතුමා එකවර තීන්දු දෙන්නේ නැතිව තාවකාලිකව මේක නතර කරලා කැබිනට් මණ්ඩලේ මේ ගැන සාකච්ඡා කරලා මේකේ හොඳ, නරක ඉදිරියට සහ ඉදිරියට ගත යුතු පියවර ගැන කතා කරගතයුතුය. නැතුව, ප්‍රසිද්ධියේ මේ විදිහට පිස්සු නටන්න ගියොත් රට අරාජික වෙලා දිනෙන් දින පිරිහෙනවා. ජනාධිපතිතුමා අලි දෙන්නා සිංහරාජේ තියන්න ගත්ත තීරණය හොඳ දෙයක්... නමුත් අලි ජීවත්වන ප්‍රදේශයේ අලි වැටවල් එහෙම ගහලා එම ප්‍රදේශයට සාමාන්‍ය මිනිසුන්ට ඇතුළු වීම තහනම් කරලා අලි මිනිස් ගැටුම අවම කිරීමට ක්‍රියාකළ යුතුය. නැත්නම් මේකත් අර පොලිතින් තහනම, ඇස්බැස්ටෝස් තහනම, ග්ලයිෆොසෙට් තහනම වගේ අච්චාරුවක් වීමට පුළුවනි.
මා සිතන්නේ අලින්ගේ සහ මිනිසුන්ගේ ආරක්ෂව (එක පුවතකට අනුව මේ අලින් විසින් පසු ගිය කාලයේ මිනිසුන් 15 දෙනෙකුට පහර දී තිබෙනවා) සඳහා, මේ අලි දෙදෙනා ඉවත් කිරීමට වනජීවී දෙපාර්තමේන්තුව මුලින් ගත තීරණය නිවැරදි කියයි. බොහෝ විට සිදුවන්නට ඇත්තේ, සිංහරාජ වන සංරක්ෂණය සඳහා යුනේස්කොවෙන් ආධාර කපා හැරේ යන බියෙන් ජනාධිපතිවරයා තම මුල් තීරණය වෙනස් කිරීමයි.
ෆොන්සේකා කියන්නේ වෙනස්ම කෙනෙක්. ඔහු හොඳින්ම දැනගත යුතුයි ඔහු කවුද... මොනවාද කල යුත්තේ - මොනවාද නොකළ යුත්තේ, කාටද ගරු කල යුත්තේ ..ආදිය ගැන. රටේ ඉහළම පරිපාලන ස්ථරයේ සිටින්නේ ජනාධිපතිතුමයි. ඉතින් ජනාධිපතිතුමා අණ කළා නම් " අලි ඇල්ලීම නවත්වන්න " කියලා ...එපමණයි.. ෆොන්සේකාට ඊට ඉහළින් යන්න බැහැ. ජනාධිපතිගේ අණ නොතකා සිටීමෙන් පෙන්වන්නේ ෆොන්සේකා කියන්නේ මන්ද බුද්ධික කෙනෙක් බවයි... චුට්ටක් හිතන්න... ජනාධිපති කෙනෙකුගෙයි ඇමති කෙනෙකුගේ වෙනස... ගැන
කවුරු ත් මේකෙ ඇත්ත තත්ත්වය කතා කරන්නේ නැහැ මොකද දේශපාලනය නිසා කවුරු ඉන්නේ ෆොන්සේකාගේ වැඩ බකල් කරන්න ඒක තමා මාධ්‍යයෙත් වාර්තා කලේ පක්ශපාතීව ඒ ගමේ ජිවත් වෙන කෙනෙක් විදිහට අපි පුදුම බයෙන් ඉන්නේ.
කවුරු ත් මේකෙ ඇත්ත තත්ත්වය කතා කරන්නේ නැහැ මොකද දේශපාලනය නිසා කවුරු ඉන්නේ ෆොන්සේකාගේ වැඩ බකල් කරන්න ඒකතමා මධ්‍යයෙත් වාර්තා කලේ පක්ශපාතීව ඒ ගමේ ජිවත් වෙන කෙනෙක් විදිහට අපි පුදුම බයෙන් ඉන්නේ මේ වෙනකොට 18 දෙනෙක් මරලා. ජනාධිපතිතුමා ඒසි කාමරවල ඉදන් තීරන ගත්තට ෆීල්ඩ් මාශල් අපේ ගමට ආව අලි කරපු විනාසය දැක්කා සියසින්. එතුමා ඔය අලියාව මරන්න හැදුවේ නැහැ කෙටි කාලයකට හොරොව්පතානේ ට දාල සිංහරාජ වනාන්තරයේ වෙනම රක්ශිතයක් ගොඩ නගන්න හැදුවේ ඒත් පරිසර වේදින් ඒ හැම දෙයක්ම විනාශ කලා.
මේ කාලයේ අලියෙක් අල්ලන නියෝගයත් ජනාධිපතිගේ නියෝගයට වෙනස්කළ මෙයා ඒ කාලයේ යුද්ධය කලේ තමාගේ නියෝග වලට පමණයි කියලා යුද්ධය ජයගැනීමේ ක්‍රෙඩිට් එක ගන්න හදනවා. අර 62 ටම හරියන කතා.
අනේ මදුශංක ඔයා බලන් ගියාම හැම පැත්තේම කැරකෙනවා වගේ ,ඔයා කොහෙද අලි ඉන්න වනයක ඉන්නේ ඔයා කියන්නේ සිරිකොත ඉන්න අලි ගැන වගෙයි.වෙල් විදනෙත් එක්ක හෙණ්ඩුවක් අරගෙන තොන්ඩුවක් ගහගෙන යන්නකෝ.කොල්ලුපිටියෙනේ තියෙන්නේ.