(ජයන්ත සමරකෝන්)
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කෙරෙන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන ඒම වහාම නවත්වන ලෙස කොළඹදී ඊයේ පැවැති ජාතික මහා සංඝ නියෝජිත සමුළුවට වැඩම කළ මහා සංඝරත්නය ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඇතුළු රජයෙන් ඉල්ලා සිටියහ.
මෙම සඟ සමුළුව ඒ සඳහා වන සංඝ ආඥාවක් සේ සැලකිය යුතු බවද උන්වහන්සේලා කියා සිටියහ.වෙඬරුවේ උපාලි අස්ගිරි පාර්ශ්වයේ අනුනාහිමි, අමරපුර මහා නිකායේ උත්තරීතර සංඝ සභාවේ සභාපති ගංතුනේ අස්සජි නාහිමි, මහාචාර්ය කොටපිටියේ රාහුල කෝට්ටේ පාර්ශ්වයේ අනු නාහිමි, විද්‍යෝදය පරිවෙනාධිපති බලංගොඩ
සෝභිත නාහිමි, වටගෙදර විමලබුද්ධි අමරපුර නිකායේ අනුනාහිමි, අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි මැදගම ධම්මානන්ද නාහිමි, කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන නාහිමි, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස නාහිමි, මහාචාර්ය කෝන්ගස්දෙනියේ ආනන්ද හිමි, සිංහල ශබ්ද කෝෂයේ හිටපු කර්තෘ අකුරැටියේ නන්ද හිමි, හෑගොඩ විපස්සී නාහිමි ඇතුළු මහා සංඝත්නය සියයකට වැඩි පිරිසක් කොළඹ තුම්මුල්ලේ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පැවැති මෙම සමුළුවකට සහභාගි වී සිටියහ.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකළ යුතු බවද උන්වහන්සේලා පැවැසූහ.
මෙම ඉල්ලීම නොසලකා යම් පිරිසක් කටයුතු කරන්නේ නම් එය පරාජය කළ යුතු බවද එම යෝජනාව ගෙන ඒමට උත්සාහ කරන ජවිපෙ නායකයා කරන්නේ මුළු මහත් රටත් ජාතියත් පාවාදීමක් බවද උන්වහන්සේලා කියා සිටියහ. කරුණු 16 කින් යුත් සමුළු ප්‍රකාශයක්ද එහිදී එළිදැක්විණි.
COMMENTS
චන්ද්‍රිකා මැතිනිය, මහින්ද රාජපක්ෂ මහතා, වත්මන් ජනාධිපතිතුමා ලිඛිතව ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න එකඟ වූ බව සිහිපත් කරමි. එජාප නායකයින්ද එකඟතාව පළකර ඇතැයි සිතමි.
රට ජාතියට ආදරය කරන මිනිස්සු කවදාවත් මේ ව්‍යවස්ථාවට අකමැත්තක් නැහැ. රටට වින කරන, වින කරපු ජාතියේ කට්ටිය තමයි මේකට ගොඩාක්ම විරුද්ධ ඉන්නේ.
බල්ලන්ගේ වැඩේනේ ... කලියුගයේ බූරුවෝ කරන්නේ.. නේද?
ලංකාව වැනි කුඩා රටකට වඩා ගැලපෙන්නේ ශක්තිමත් විධායක ජනධිපති ක්‍රමයක් පමණි.
ලංකාවේ තිබුණු ලොකුම ප්‍රශ්න දෙක... 88 ජවිපෙ ත්‍රස්තවාදය සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය නැතිකරන්න පුළුවන් වුනේ විධායක ජනාධිපති ක්‍රමය නිසයි. මිනිස්සු කැමති රට එකතු කරන ව්‍යවස්ථාවලට මිසක් රට බෙදන ඒවාට නෙමේ. අනික, හැමදාම මෙරට රැකගන්න හමුරුවරු ඉදිරිපත් වුණා. එ්ක ඉතිහාසයේ ඉඳලා එන දෙයක්... මේ උගත් ස්වාමින් වහන්සේලාට නමස්කාර කරමි.
රසික, දේශපාලන විශාරදයෙක් වගේනේ ! දෙවෙනි ලෝක යුද්ධයට එංගලන්තය, ප්‍රංශය, ඇමරිකාව සාර්ථකව මුහුණ දුන්නේ විධායක ජනාධිපති ක්‍රමයක් තිබිලද? එල්.ටී.ටී.ඊ. හටන වවාගෙන කන්න සමහරුන්ට චාන්ස් එක ලැබුනේ නම් විධායක බලෙන් තමයි. මේ රටේ විශේෂයෙන්ම දේශපාලකයන් බහුතරය රට කන්න බලාගන ඉන්න හොරු සහ අපරාධකාරයින් නිසා විධායක බලතල ඉතාමත්ම අනතුරුදායකයි. විශ්වාසයක් තැබිය හැකි කෙනෙක් පේන තෙක් මානයේ නැහැ. මෝඩ ඡන්ද දායකයින්ට පුළුවන් වේවි තවත් ඉඩි අමීන් කෙනෙකුව, පෝල් පොට් කෙනෙකුව හදා ගන්න. මහත්තයෝ, පරවේණි දාස මානසිකත්වයෙන් තොරව අපිත් මේ රටේ නිදහසේ ජීවත් වෙන්න ඕනෑ! ටොමී ගොයියටත් කියන්න තියෙන්නේ ඔය ටිකම තමයි.