IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


විදුහල්පතිවරයකු ඉල්ලා විරෝධතාවයේ

( ප්‍රින්ස් රත්නායක )

බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය ජාතික පාසලට නව  විදුහල්පතිවරයකු ඉල්ලා අද (06) එම පාසලේ සිසුන්ගේ දෙමව්පියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් උද්ඝෝෂණයක නිරතවූහ.

පාසලේ හිටපු විදුහල්පති ආර් එම් යසරත්න මහතා විශ්‍රාම ගොස් මාස 4 ක් ගතවූවත් මෙතෙක් නව විදුහල්පතිවරයකු පාසල් පරිපාලනයට යොදා නැති බව විරෝධතාකරුවෝ කීහ.

එම පාසලේ ආදි විදුහල්පතිවරුන්,ආදී ගුරුවරුන් මෙන්ම හිටපු සබරගමුව පළාත් අධ්‍යාපන අමාත්‍ය භාණු මුණිප්‍රිය මෙම උද්ඝෝෂණයට එක්ව සිටියහ.

එම පාසල ඉදිරිපිට සිට බලගහමුල ඔරලෝසු කණුව අසලට පැමිණි විරෝධතකරුවෝ බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගය හරස් කරමින් විරෝධතාවයේ යෙදුණහ.

පාසලේ සිසුන්ද පාසල ඉදිරිපිටට පැමිණීමට උත්සාහ කළද එම අවස්ථාවට එක්නොවන ලෙස විරෝධතාකරුවෝ සිසුන්ට දන්වා සිටියහ.

එසේ වූවද එම සිසුහු පාසල තුළ රතිඤ්ඤා පත්තුකරමින් විරෝධතාවයේ නිරතවූහ.

බළන්ගොඩ පොලිස් නිලධාරීන් විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටි අතර පාසල් දරුවන් ප්‍රධාන ගේට්ටුවෙන් එළියට ඒම වළක්වමින් ආරක්ෂක පියවර යොදා තිබිණි.

 

 



අදහස් (1)

විදුහල්පතිවරයකු ඉල්ලා විරෝධතාවයේ

kalpa Monday, 06 November 2017 02:15 PM

නියමම ඇමැති කෙනෙක්නේ..තිබෙන ප්‍රශ්නය අදාළ තැනට ඉදිරිපත් නොකර පාරෙ පිකටින් කළාම හරිද? මෙහෙම අයටද අපි ඡන්දෙ දෙන්න ඕනෑ.

:       11       67

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 826 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 955 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 388 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site