IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


විදෙස් ශිෂ්‍යත්ව ලැබු සමෘද්ධි ලාභින් 21 දෙනෙකුගේ අවස්ථාව ලබා දී නැතැයි පැමිණිල්ලක්

(බිඟුන් මේනක ගමගේ )

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විදේශ ශිෂ්‍යත්ව සඳහා තෝරාගනු ලැබූ සමෘද්ධිලාභීන් විසි එක් දෙනෙකුට එම අවස්ථාව ලබා නොදීමෙන් ඔවුන් දැඩි අසරණතාවයට පත්ව ඇතැයි සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ සංගමය සමාජ සුභසාධන ඇමැති පී.හැරිසන් මහතාට පැමිණිලි කර ඇත.

සමෘද්ධි ප්‍රතිලාභී පවුල්වල තරුණ තරුණියන් සදහා ජපන් භාෂාව සහ තාක්ෂණික නිපුණතාවය ලබාදීමේ අරමුණෙන් 2017 පෙබරවාරි 13 දින පල කරන ලද පුවත් පත් දැන්වීමක් මගින් සමෘද්ධිලාභීන් දැනුම්වත් කර පැවැත් වූ සම්මුඛ පරීක්ෂණයකින් දරුවන් 25 දෙනෙකු මේ සඳහා තෝරාගෙන ඇති නමුත් එයින් අවස්ථාව ලබා දී ඇත්තේ හතර දෙනෙකුට පමණක් යැයි ඔවුහු චෝදනා කරති.

එසේ තෝරා ගන්නා ලද දරුවන් සිව් දෙනා අදාල ශිෂ්‍යත්වය සදහා ජපන් රටට යවා ඇතත් තෝරා ගත් සෙසු දරුවන් 21 දෙනාට නැවත අවස්ථාවක් නොමැති බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් මේ වන විට ඔවුන්ට දැනුම් දෙනු ලැබ ඇතැයි සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ සංගමයේ ලේකම් චාමර මද්දුම කළුගේ මහතා පවසයි.

අඩු අදායම් පවුල් වල අ.පො.ස. උසස් පෙළ සමතුන් පමණක් අයදුම් කළ යුතු බවට අදාළ පුවත්පත් දැන්වීමේ සඳහන්ව තිබුණේ යැයි ද මෙසේ අතරමග නතර කර ඇති ශිෂ්‍යත්ව විසි එක නිසා අසරණ වී ඇත්තේ විශ්ව විද්‍යාල ප්‍රවේශ හිමි, රැකියාවන් වල නිරතව සිටි හා වෙනත් උසස් අධ්‍යාපන ආයතනවල නිරතව සිටි දරුවන් පිරිසක් යැයි ද එම සංගමය කියයි. 

රාජ්‍ය ආයතනයක් පුවත්පත් දැන්වීමක් පල කර මෙවැනි අසාධාරණ කිරීම බරපතල තත්ත්වයක් යැයි දමේ  සම්බන්ධයෙන් අවධානය යොමු කර අසාධාරණයට පත්ව ඇති දරුවන් සඳහා පොරොන්දු වු පරිදි අදාල ශිෂ්‍යත්වය ලබා දීමට මැදිහත් වන්නැයි ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ යැයි ද සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කරයි. 



අදහස් (0)

විදෙස් ශිෂ්‍යත්ව ලැබු සමෘද්ධි ලාභින් 21 දෙනෙකුගේ අවස්ථාව ලබා දී නැතැයි පැමිණිල්ලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 152 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 775 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 376 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site