(තිළිණි ද සිල්වා )

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිලිබඳ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු සමඟ සාකච්ඡාවක් පැවැත්වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය. 
 
මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳව මෙහිදී කැරුණු සාකච්ඡා වී ඇති බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් කීය.මෙම සාකච්ඡාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 34 වැනි සැසිවාරයට සමගාමීව ජිනීවා හිදී පැවැත්වීය.
 
මීට අමතරව අමාත්‍ය  මංගල සමරවීර මහතා, ජිනීවා හිදී එදිනම එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ගෝලීය යුක්තිය පිළිබඳ කාර්යාලයේ විශේෂ සම්බන්ධීකාරක ටොඩ් බුක්වල්ඩ් මහතා හමුවිය. 
 
ශ්‍රී ලංකාවේ සංහිඳියාව හා ධාරිතා සංවර්ධනයට අදාළ ගැටලු මෙහි සාකච්ඡාවට ගැනුන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි