IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


විදේශිකයින්ගේ මුදල්-භාණ්ඩ සොරකම් කළ කල්ලියක තිදෙනෙක් අල්ලයි

(කාංචන කුමාර ආරියදාස)


දිවයින පුරා සංචාරක හෝටල්වල ලැගුම් ගෙන සිටින විදේශීය සංචාරකයන්ගේ බඩු භාණ්ඩ හා මුදල් සොරා ගන්නා සංවිධානාත්මක කල්ලියක සැකකරුවන් තිදෙනෙකු මෝටර් රථ දෙකක් සමඟ ගාල්ල ප්‍රදේශයේ දී දැඩි පරිශ්‍රමයක් දරමින් අත්අඩංගුවට ගැනීමට දඹුල්ල පොලීසිය සමත් වී තිබේ.


දඹුල්ල, සිගිරිය, හබරණ , ආදි ප්‍රදේශවල පසුගිය දින කීපයේම එක දිගටම  විදේශීය සංචාරකයන් සිටින කාමර වලට ඇතුළු වී ඉතා රහසිගතව ඔවුන්ගේ මුදල් සහ බඩු බාහිරාදිය සොරා ගැනීම පිළිබඳව   පැමිණිලි රැසක් ලැබුණු බව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා පැවසීය.


පසුව මේ  පිළිබඳව විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා සංචාරක හෝටල් වල සහ ප්‍රධාන මාර්ගවල සවිකර තිබූ සීසීටීවී කැමරා උපයෝගී කර ගනිමින් දින ගණනාවක් තිස්සේ සිදු කළ රහසි ගත පරීක්ෂණයකින් පසුව මෙම පුද්ගලයන් ගාල්ල මනෝරියවත්ත ප්‍රදේශයේ ස්ථානයක සිටින බවට ලැබුණු තොරතුරක් මත දඹුල්ල පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා ඇතුළු කණ්ඩායමක්  ගාල්ල ප්‍රදේශයේ රැඳී සිටිමින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන දඹුල්ල පොලිසිය වෙත රැගෙන විත් තිබේ.


දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් විශේෂ  රඳදවා ගැනීමේ නියෝගයක් මත රඳවාගෙන ප්‍රශ්න කිරීමේ දී හෙළි වී ඇත්තේ මෙම කණ්ඩායමේ තවත් සිව් දෙනෙකු සිටින බවද  එමෙන්ම මෙම පුද්ගලයන් වසර ගණනාවක් තිස්සේ දඹුල්ල ,හබරණ ,සිගිරිය , තිස්සමහාරාම, මාතර ,ගාල්ල ,අරුගම්බේ ,තිරිකුණාමලය, නුවරඑළිය ආදී දිවයිනේ හික්කඩුව ආදි දිවයිනේ සංචාරක කලාපයන් බොහොමයක සංචාරක හෝටල් වලට ඇතුළු වී ලක්ෂ ගණනාවක්  සොරකම් කොට ඇති බව අනාවරණය වී තිබේ. දැනට දිවයිනේ විවිධ පොලිස් ස්ථාන මඟින් මෙම පුද්ගලයන් පිළිබඳ තොරතුරු අනාවරණය වෙමින් පවතින බව මූලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා පැවසීය.


  මෙසේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රඳවාගෙන ප්‍රශ්න කරනු ලබන්නේ සංචාරක හෝටල්වල විදේශිකයන්ගේ මුදල් කොල්ල කන කණ්ඩායමක සාමාජිකයන් තිදෙනෙකු වන ගාල්ල,රත්ගම මනොරියායාවත්ත ප්‍රදේශයේ පදිංචි තිදෙනෛකි.



අදහස් (0)

විදේශිකයින්ගේ මුදල්-භාණ්ඩ සොරකම් කළ කල්ලියක තිදෙනෙක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 83 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 918 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2538 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site